පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හරී – දින 90 ක් තුළ මහ මැතිවරණයක් !

0
477

පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබාදුන් උපදෙස් මත එරට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කර තිබේ.

ඉම්රාන් ඛාන්ට එරෙහිව පකිස්තානු පාර්ලිමේන්තුව වෙත විස්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර විස්වාස භංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජය වීමේ අවදානමක් මතුව තිබිණි.

පකිස්තානු පාර්ලිමේන්තුව ආසන 342 කින් සමන්විත වන අතර අගමැති ධුරය බේරා ගැනීමට නම් ඉම්රාන් ඛාන්ට අවම වශයෙන් ආසන 172 ක සහාය අවශ්‍යව තිබිණි. කෙසේ නමුත් පා්ලිමේන්තු සංයුතිය අනුව ඔහුට ලබාගත හැකිව තිබූ උපරිම සහාය ආසන 150 කට ආසන්න ප්‍රමාණයකි.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විස්වාස භංග යෝජනාව ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළ අතර ඉන්පසු පාර්ලිමේන්තුව තුළ ඇතිවූයේ උණුසුම්කාරී තත්වයකි. යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විපක්ෂය දැඩි විරෝධය පළකළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් ඉදිරි මාස තුන ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වෙන අතර එහිදී ඉම්රාන් ඛාන්ට නැවත ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැගීමට හැකිවේද යන්න සැකසහිතය. පසුගිය මහ මැතිවරණයේදී ඔහුගේ පක්ෂයට ලබා ගැනීමට හැකි වූයේ ආසන 149 ක් පමණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here