රනිල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රනිල්ට සහාය දෙන්න තීරණය කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹුණු බවයි.

“අද දින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය සඳහා තරග නොකළ යුතු බවත් ඒ වගේම ස්වාධීනව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් විය යුතු බවත් ස්වාධීනව ඉදිරිපත් වන ඒ මහතාට එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහයෝගය සමස්ත සාමාජිකත්වය විසින් ලබාදිය යුතු බවත්. ඒ තීරණය අනුව සම්පූර්ණයෙන්ම සමස්ත එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අදින් ඇරඹෙන Lanka Ride පාපැදි සවාරිය!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : අද (16) පෙ.ව...

පකිස්තාන කාන්තාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කාන්තාවන් පසුබසියි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් පාපන්දු...

රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ...