G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02:
ඉහළ යමින් පවතින ඉන්ධන මිල පාලනය කිරීමේ අරමුණින් G7 රටවල් සහ හවුල්කරුවන් විසින් හදිසි තෙල් සංචිතවලින් බැරල් මිලියන 100ක් නිකුත් කිරීමට එකඟ වී තිබේ.

අද(02)උදෑසන වන විට ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රංශය සහ ජර්මනිය සතුව පවතින ඩීසල් සංචිත වෙළඳපොළට මුදාහරින ලෙස ඉල්ලා තිබූ අතර මෙම වැඩපිළිවෙළ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) හරහා සම්බන්ධීකරණය කිරීමට නියමිතවන අතර එම තෙල් ප්‍රමාණය මාස හතරක කාලයක් තුළ වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් සැලකිය යුතු ඩීසල් ප්‍රමාණයක් පළමු දින 20 තුළම නිකුත් කිරීමට නියමිත බව G7 නායකයන්ගේ නිල ප්‍රකාශයේ සඳහන් වේ.

මෙම පියවර ගෙන ඇත්තේ ලෝක තෙල් වෙළඳපොළේ ඇතිවී තිබෙන දැඩි අස්ථාවරත්වය සහ ඩීසල් ඇතුළු ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙනි. විශේෂයෙන්ම ඩීසල් සැපයුමට ඇති බාධා හේතුවෙන් රටවල් කිහිපයක් මත ඉන්ධන සංචිත මුදාහරින ලෙස පීඩනය වැඩි වී තිබුණි.

G7 ප්‍රකාශයට අනුව, අවශ්‍යතාවය මත අමතර ඩීසල් සංචිත නිකුත් කිරීම පිළිබඳවද ඉදිරියේදී සලකා බැලීමට නියමිතය. එමෙන්ම G7 රටවල් අතර බලශක්ති සහ බලශක්ති නිෂ්පාදන අපනයනය සීමා නොකිරීමටද එකඟ වී තිබේ.

මෙම තීරණය පිළිබඳව G7 නායකයන් ඔක්තෝබර් 2 දා අතථ්‍ය සාකච්ඡාවකදී කරුණූ ප්‍රකාශ කර ඇති අතර එම සාකච්ජාව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් මෙහෙයවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...