අපිට ආණ්ඩුවක් නොතිබුණු නිසා අපි දුක් වින්දා. අපි තව අවුරුදු 8කින් ඩොලර් ගලාගෙන එන ආර්ථිකයක් හදනවා – TB

තව වසර හත අටකින් මෙරට ජනතාවට ඩොලර් ගලාගෙන එන ආර්ථිකයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් බිහිකරන බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“කිසි කෙනෙක් කිසිම ආකාරයකට අවතක්සේරුවක් වෙන්න එපා තමන්ගෙ ජීවිතය ගැන. අපි අපේ පරම්පරාව දුක් වින්දා. ඒ අපිට ආණ්ඩුවක් තිබ්බෙ නැති හින්දා. අපේ දරුවන්ගෙ පරම්පරාව දුක් විඳින්න බෑ කියන සංකල්පයේ අපි ඉන්නවා. අපේ දරුවන්ට හොඳ රටක් ඕනෙ. ලෝකයේ ලස්සනම රට හදන්න පුළුවන් අපිට. මිල මුදල්වලින් ධනයෙන් ඉහළම රට හදන්න බැරිවුණාට අපිට ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රට බවට අපේ රට පත්කරන්න පුළුවන් අපිට.

අපේ රටට හොඳ ආර්ථික ක්‍රමයක් ගේන්න පුළුවන්. කෘෂිකර්මාන්තය දියුණු කරන්න පුළුවන්, කර්මාන්ත දියුණු කරන්න පුළුවන්. සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. අදත් අපි ආවාට පස්සේ මේ පහුගිය මාසෙට 143,000ක් සංචාරකයෝ අපේ රටට ඇවිල්ලා තියෙනවා. මේක තව ගොඩක් වැඩිකරන්න පුළුවන්. තව අවුරුදු හතක් අටක් යනකොට අපි මේ සංචාරක ව්‍යාපාරයේ එන ප්‍රමාණය දෙගුණයකින් තුන්ගුණයකින් වැඩිකරනවා. අපේ රටේ ජනතාවට ඩොලර් ගලාගෙන එන ආර්ථිකයක් හදනවා”

ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...