19 න් පහළ කාන්තා තරගාවලියේ ගාල්ල පෙරමුණේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 09, (LNW) කොළඹ :

අවුරුදු 19 න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවති තරගවලදී තමන් සහභාගි වූ තරග දෙකම ජය ගන්නට ගාල්ල කණ්ඩායම සමත් වී තිබෙනවා.දඹුල්ල කණ්ඩායම සහභාගි වූ තරග දෙකම පරාජයට පත් වී තිබෙන අතර කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම් තරග දෙක බැඟින් ක්‍රීඩා කර එක් තරගය බැඟින් ජයගෙන සිටිනවා.


මේ දක්වා තරගාවලියේ පැවති තරගවලදී එක් අර්ධ ශතකයක් පමණක් වාර්තා වී තිබෙනවා.එම ගෞරවය ගාල්ල කණ්ඩායම නියෝජනය කරන රත්ගම දේවපතිරාජ පාසලේ හිරුනි හංසිකා හිමි වෙනවා.ඇය දඹුල්ලට එරෙහිව ලකුණු 51 ක් ලබා ගන්නා අතර නුවර කණ්ඩායමට එරෙහිවද ලකුණු 35 ක් රැස් කරන්නට සමත් වෙනවා.


හිටපු ශ්‍රී ලංකා නායකයෙක් වන ඩිල්ෂාන් තිලකරත්නගේ දියණිය ලිමිනි තිලකරත්න ද මේ තරගාවලිය සඳහා කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් තරග වඳින අතර ඇයට සහභාගි වූ තරග දෙකේදී කඩුලු ලබා ගැනීමට හැකි වුණේ නැති අතර එක් ඉණිමක ලකුණු 8 ක් සහ තවත් ඉණිමක ලකුණු 25 ක් රැස් කිරීමට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...