*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

අභියෝගවලට බය නැති නියම යූඇන්පීකාරයො අපියි – හිටපු අමාත්‍ය මනූෂ

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ (LNW):

රට ගොඩගත්තාට ඇමතිකම් නැති කළ එකම කෙනා සජිත්

පහුගිය අවුරුදු දෙක අපි ශතවර්ෂෙකට වඩා වැඩ කළා

රට ගොඩගත්තාට සුබ නොපතා ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර, මන්ත්‍රී ධුර නැති කළ එකම පාර්ශ්වය සමගි ජන බලවේගය ප්‍රමුඛ සජිත් ප්‍රේමදාස වන බවත් ලංකා ඉතිහාසයේ ශතවර්ශවලට වඩා වැඩ කළ වර්ෂ දෙක වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට ආඩම්බරයෙන් ස්තුති කරන බවත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.


“රට හදන්න ගිය අයට නඩු දැම්මේ සමගි ජන බලවේගය. මොකද, සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඕන වුණේ නෑ රට ඉස්සරහට ගෙනියන්න. රටට ආදරය කරන මිනිහෙක් නම් රටට කරන සේවයට ස්තුති කරන්න ඕන. ඔහු එහෙම කළේ නෑ.”

යැයි හිටපු අමාත්‍යවරයා පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.


පාර්ලිමේන්තුවේ සාමාජිකත්වයත් අහිමි වූ සිය අමාත්‍ය ධුරත් සමග ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම පිණිස පැවති සාකච්ඡාවේදී හිටපු අමාත්‍යවරුන් පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට තමන් හිස නමන බවය.

මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මට මුලින් මතක් වුණේ කාන්තාවො බංග්ලාදේශයෙ දණ ගස්සලා පහර දෙනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට, මිනිස්සුන්ට ගහලා, මිනිසුන් පාරේ එල්ලලා, ඇමතිවරු එල්ලලා, මන්ත්‍රීවරු මරලා තිබුණා. මිනිසුන් 420ක් ජීවිත නැති වුණා. කාන්තාවන්ට පහර දීම, මධ්‍යම පාන්තිකයන්ට පහර දෙන, හෝටල් ගිනිබත් කරන හැටි අපි දකිනවා.

අපි එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග වැඩ කරන්න තීන්දුව නොගත්තා නම් අද ලංකාවටත් එහෙම තමයි වෙන්නේ. ඒ තත්ත්වය ලංකාවට ඇති වෙයි කියන බය, විශ්වාසය උඩ රනිල් මැතිතුමා මේක බාරගත්තේ. ඒකටයි අපි සහාය වුණේ. කිලිනොච්චියේ කෙනෙක් කිව්වා ඔයාලා මේ කළේ 'සුයිසයිඩ් මිශන්' එකක් බව. මම එදා කිවා මගේ තාත්තා නැති වෙලා වුණ දේ නොවෙන්නයි මේ තීන්දුව ගත්තේ කියා.

මිනිස්සුන්ට තෙල්, ගෑස්, ලයිට් නැති වුණා. ඒ පීඩනයත් එක්කම මිනිසුන්ගේ අරගල ආවා. දේශපාලනඥයෝ ඒක වැරදි මාර්ගයේ ගෙනිච්චා. මිනිස්සු අපහසුතාවයට ලක් වෙද්දි මුලින්ම පාරට බැස්සේ හරීනුයි, මමයි. ගෝටා ගෝ හෝම්, සර්ට බෑ, සර් ෆේල් කියලා මුලින් ලිව්වේ, කිව්වේ හරීන්. ගෝටාභයට එරෙහිව ජනාධිපති කාර්යාලයට පළවෙනි පෙළපාලිය අරගෙන ගියේ අපි. අපෙන් ඇහුවේ ‘පිස්සුද රාජපක්ෂලා එක්ක හැපෙන්න’ කියලා. හැබයි අපි හැපුණා. එතනින් අපි පටන් ගත්තා. නායකත්වය දුන්නා. විපක්ෂයේ කාර්යභාරය අපි ඉටු කළා. සමගි ජනබලවේගයට ඡන්දෙ දීපු ජනතාව වෙනුවෙන් කාර්යය ඉෂ්ඨ කළා. හැබැයි රට මැරි මැරී අගාධයට යනකොට අපි පාර්ලිමේන්තුවට ආවේ මොකටද, විපක්ෂයේ කාර්ය කරන්නද, මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නද, මිනිස්සු පොලිම්වල මැරේනකල් බලන් ඉන්නද? එහෙම බැරි නිසා අපි සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් ඉල්ලුවා අනීතික තත්ත්වයට රට යන එක වළකන්න මේ තීන්දුව ගන්න කියලා. එතුමා කළේ නෑ. හරීන්, මම දැවැන්ත ඉල්ලිම් කළා, ගහ බැනගත්තා, ඇඬුවා. පසුව අපි මේ ගමන යන්න හිතන පුද්ගලයත් එක්ක යන්න තීරනය කළේ.

සජිත් ප්‍රේමදාස කිව්වේ මේක කරන්න බෑ, ආර්ථිකය ගොඩගන්න එක කරන්න බැරි වැඩක් කියලා. මීට පස්සේ ඡන්දෙ එනවා පාර්ලිමේන්තු යන්න බැරි වෙනවා, ජනාධිපති පුටුවට යන්න බැරි වෙනවා කියලා හැම නායකයෙක්ම කිව්වේ. මේක අරාබි වසන්න්තය වගේ වෙයි කිව්වා. වගකීම බාරගන්න පුළුවන් කිව්ව නායකය රනිල් වික්‍රමසිංහ මතිතුමා. හැමදා බය නැතුව අභියෝගවලට මුහුණ දුන් දෙදෙනෙකු විදිහට අපි තීන්දු ගත්තා. දින 52දී ප්‍රජාතන්ත්‍රවාදය වළලපු වෙලාවේ අපි තීන්දු ගත්තේ අභියෝගවලට බය නැති නිසා. එදා රට වැටුණු තැන ඉඳලා රට හදන්න පුළුවන් වුණා.

හරීන් මැතිතුමා සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් ගේනකොට අද වෙනකොට අපි විදේශ රැකියාවලින් ඩොලර් බිලියන 12 ඉක්මවා ලංකාවට ගේන්න අපිට පුළුවන් වුණා. ඒවල එකතුවෙන් තමයි මිනිසුන්ට තෙල්, ගෑස්, බෙහෙත්, විදුලිය දෙන්න පුළුවන් වුණේ. රටේ කර්මාන්ත ගොඩනගන්න පුළුවන් වුණේ ඒ නිසා. රටේම ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වුණා. විශ්වාස කළා වගේ අපි කරලා පෙන්නුවා. අපි ඔරිජිනල් යූඇන්පීකාරයෝ. එහි ඉන්නේ ලලිත්, ගාමිණී, ප්‍රේමදාසලා, රනිල්ලා වගේ අය. නැතුව ප්‍රේමදාසලා ළඟ හිටපු බාබුලා වගේ ජාන තියෙන අය නෙවෙයි. අද අපි බය නැතුව එළියට බහින්නේ බාර ගත්තූ වගකීම ඉෂ්ඨ කරලා.


ශතවර්ශවලට වඩා වැඩ කරපු දශක රටවල තියෙනවා. අපේ ඉතිහාසයේ ලියවේවි මේ වැඩ කරපු වර්ෂ දෙක. අපිට ජනාධිපතිතුමාට ඒ හයිය දෙන්න පුළුවන් වුණා. රටේ රැකියා සිහින බොඳ නොකර, රැකියාගත කරලා, අනාගතය හදලා දීලා අපේ යුතුකම අපි ඉෂ්ඨ කරලා තියෙනවා.
අපි එළියට බහිද්දි සජබෙ ව්‍යවස්තාව අපි දන්නවා. අපි අභියෝග බාර ගත්තේ මන්ත්‍රීකම, ජීවිතය නැති වෙනවට බයේ නෙමෙයි. ඒව දැනගෙනයි අපි ඒ සයිනයිඩ් කරල බෙල්ලෙ දාගෙන සුයිසයිඩ් මිශන් එක පටන් ගත්තේ. එය අපි සම්පූර්ණ කලා. සමහරු සාතුටු වෙනවා ඇති ඒ අය දිනුම් කියලා.

ඒ අය අවුරුදු දෙකක් උත්සාහ කළා අයි එම් එෆ් ණය නවත්තන්න. හැම වෙලාවෙම රට වට්ටන්න උත්සාහ කළා. කුහකකම් කළා. අපි ඒත් අවුරුදු දෙකක් තුළ රට දිනවලා තියෙනවා. සජිත්ට ඕන වුණා ඔහු දිනන්න. ජනාධිපතිකම් ගන්න. අපි මිනිසුන්ගේ ජීවිත බේරගෙන අමාත්‍යාංශවලින් එළියට බහින්නේ ආඩම්බරයෙන්. ඒ වගේම ඉස්සරහටත් ශක්තිමත්ව මේ රට අපි ඉස්සරහට ගෙනියනවා. සමගි ජන බලවේගයේ ජනතාව චන්දෙ දීලා අපිව පාර්ලිමේන්තුවට පත් වුණා. ඔවුන්ට ගෞරවයක් වෙන්න අපිට පුළුවන් වුණා. රටේ ආර්ථිකය ගොඩ නගන්න ඡන්දය දුන් මිනිසුන්ට කන්න දෙන්න, රට ශක්තිමත් කරන්න පුළුවන් වුණේ ජනතාව ඡන්ද දීපු නිසා.

සජිත් ප්‍රේමදාස මතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද, අනිත් පක්ෂ ශ්‍රීලංකා නිදහස් පක්ශය, පොදුජන පෙරමුණ ඒ පක්ෂවලින් රට හදන්න ගිය අයට නඩු දැම්මේ නෑ. සමගි ජන බලවේගයට ආවට නඩු දැම්මේ නෑ. රට හදන්න ගිය අයට නඩු දැම්මේ සමගි ජන බලවේගය. මොකද, සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඕන වුණේ නෑ රට ඉස්සරහට ගෙනියන්න. අවුරුදු දෙකක් මේ නඩුව ගියා. ඒකට යන අවුරුදු දෙකේ කාලය ගිහින් තමයි තීන්දු ලබෙන්නේ.

හැබැයි අපේ මන්ත්‍රී ධුර නැති කරන්න ගත්ත තීන්දුවට සජිත් ප්‍රේමදාස මහතාට ස්තුතියි. රට වෙනුවෙන් අපි කළ යුතුකමට දුන්න සහාය වෙනුවෙයි ඔහුට ස්තුතියි. රටට ආදරය කරන මිනිහෙක් නම් රටට කරන සේවයට ස්තුති කරන්න ඕන. ඔහු එහෙම කළේ නෑ. ඒකට ‘සජිත් ප්‍රේමදාස කියලා අපි කියනවා. අමාත්‍යාංශය භාර ගන්න කෙනා කවුරුහරි ප්‍රකාශ වෙයි. ජනාධිපතිතුමා යටතේ දැනට එය තියෙන්නේ. මාධ්‍යවේදීන්ගේ විශ්‍රාම වැඩපිළිවෙළ, සේවක අයිතීන් ලබා දීම ගැන කටයුතු ක්‍රියාත්මක වෙයි. ඊශ්‍රායෙල් රස්සා ගැන ඒ රටේ රජය තීරණය කරයි. මොකද විපක්ෂයේ නායකයා ඊශ්‍රායලයට දැඩි විරෝධතා දක්වපු කෙනෙක්. එහෙම කණ්ඩායමක් ඉදිරියේ ඒ රැකියාවලට වෙන දේ ගැන මුකුත් කියන්න බෑ.

යම් අවදානමක් තියෙනවා. ඒ සිහින බිඳින්න එපා කියලා මම ඉල්ලනවා. කඩාකප්පල් වීමක් වුණොත් සජිත් ප්‍රේමදාස මහතාට වග කියන්න වෙයි.”

මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.


“මම මන්ත්‍රී වුණේ සජබෙ ජාතික ලයිස්තුවෙන්. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මම ස්තුති වෙනවා. මේ රටේ මිනිසුන්ට යමක් කරන්න හැකි වුණේ එම මන්ත්‍රී ධුරයෙන්. අධිකරණයට අපි අපහාස, චෝදනා කරන්නේ නෑ. මේ රටේ නීතියක් තියෙනවා. රනිල් වික්‍රමසි මහත්තයාගේ වම්, දකුණු අත් ගලවනකොට ඔහු නිහඬයි. ඒ වගේ රටට කැමති අයට මේ වෙලාවේ සන්තෝස වෙන්න පුළුවන්. උසාවියට බලපෑම් කරනවා නම් ඔහු බලපෑම් කරන්න ඕනේ එතුමා වෙනුවෙන් ඉදිරිපත් වුණා මේ රටේ සාර්ථකම අමාත්‍යාංශ කරන දෙන්නෙක්ගේ අමාත්‍යාංශ ගැලවීමෙදි. මේ දේ මෙහෙම වෙද්දි මට දැනුණා.

මට නැති වෙන්න දෙයක් නෑ. ගන්න ඕන අමාරුම වෙලාවෙදි මමයි මනූෂයි කතා වුණේ. මාස කීයක් කරයිද කියලා. දැන් අවුරුදු දෙක මේක කරලා නම්බුකාර විදිහට යන්න ලැබීම ගන සතුටුයි. සජබෙ අයට මේක ජයක් කියලා හිතලා හිතුවට අද ඉඳන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පැය 24ම වැඩ කරන්න නිදහස දීලා තියෙනවා. අපි ඒ වෙලාවේ තීන්දුව මුලින් ගෙනිච්චෙ පක්ෂේ නායකයට.

එදා සජිත් බාරගත්තේ නැත්තේ අභියෝග බාර අරන් හදලා වෙනස් කරද්දි ඡන්දෙ එන නිසා. ඒ වෙලාවේ මිනිස්සු ගැන නෙමෙයි ඔහු හිතුවේ. ඒ නිසා මම නිහතමානීව ආඩම්බර වෙනවා මගේ ‘මිශන්’ එක ඉවර වෙයි. හැමෝම කිව්වේ සුයිසයිඩ් මිශන් එකකට කියලා. මම ‘පට්ට’ සතුටෙන් යන්නේ. සජිත් ජනාධිපති කරන්න තමයි අපි වැඩ කළේ. අපි එළියට බැහැලා යන්නේ වැඩ කරලා, වැඩ පෙන්නලා.” යැයි හෙතෙම පැවසූ අතර මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඔහු මෙසේද පැවසීය.
“උසාවියට ඇඟිලි ගැහුවා නම් ඕක පරක්කු නොකර ඉන්නවා. තීන්දුව ලැබුණම අපි එළියට බැස්සා. අපි සජිත් මහත්තයා නායකයා විදිහට දුන්න මන්ත්‍රීකම ගත්තා. ඒ නිසා වැඩ පෙන්නන්න අවස්තාව ලැබුණා.


ජනාධිපතිතුමා සතුටෙන් වගේ මේ ගැන. ඡන්දය නිසා එතුමට මාව හොයාගන්න බැරි වෙයි කියලා හිටියේ ඇමතිකම නිසා. කාට ඇමතිකම ගියත් ඒක හොයන්නෙ නෑ. ගෙදර යන්න හදලා දෙන පාරත් මට වාසියක් තියෙනවා. 15 වැනිදයින් පස්සේ හොඳ හොඳ ඒවා බලාගන්න පුළුවන් වෙයි. ජනාධිපතිතුමා කලබල නෑ. දොස්තර කලබල නෑ, පිස්සො කලබල වුණාට. සමහර පිස්සො ජනාධිපති ඇඳුම තමන්ට, නෝනට ගෙදර ඉන්න බලු පැටියට මස්සලා ඉන්න අය මැද රනිල් වික්‍රමසිංහ මහතා කලබල නෑ."

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan