සටහන – රුවන් නෙළුගොල්ල
වතු කම්කරුවන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 07ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (10) මහනුවරදී පැවති වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීමක් අමතමිනි.
කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන සඳුදා (12) දිනයේදී පඩි පාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති හඳුන්වා දෙනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.