මැතිවරණ ප්‍රකාශනය 26 එළිදක්වනවා. මේ රට දුප්පත්භාවයෙන් මුදවාගෙන පොහොසත් රටක් කරනවා – අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම මැතිවරණ ප්‍රකාශනය අගෝස්තු 26 වනදා එළිදැක්වීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ආරම්භයේදී ජාතික ජන බලවේගයට එරෙහි දේශපාලනය මතය වෙලා තිබ්බේ දිනන්න බෑ කියන එක. හැබැයි දැන් එකක් ගැන අපි සතුටු වෙනවා. ඉස්සෙල්ලා කියකියා හිටියෙ එන්න බෑ කියලා. දැන් කියන්නෙ මොකක්ද, ආවොත් … ඔය ආවොත් කියන අයට සැප්තැම්බර් මාසෙ 22 වෙනිදා කියන්න වෙන්නෙ ආවා කියලා. දැන් ජාතික ජන බලවේගයට එරෙහිව අපේ ප්‍රතිපත්තිවල නැති, අපි කියන්නෙ නැති, ඒගොල්ලොම හදාගත්තු කතා කියාගෙන යන්න පටන් අරගෙන තියෙනවා. අපි මේ ඔක්කොටම හොඳම උත්තරේ අපේ මැතිවරණ ප්‍රකාශනය මේ මාසෙ 26 වෙනිදා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා”

තම පාලනය තුළදී මේ රට දුප්පත්කමෙන් මුදවාගෙන පොහොසත් රටක් බවට පත්කරන බවත් ඒ මහතා පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (10) ඇඹිලිපිටියේදී පැවති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: මේ සටහන සමාජ මාධ්‍ය හරහා...

සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක්...

සොබාදහම වෙනස් ඇහැකින් දකින්නවුන් වෙනුවෙන් “Edition Hope”!

සටහන – පුලී අගෝස්තු 23, කොළඹ (LNW): පසුගිය වසර පහ...

” කාලය ඇවිත් ” ජංගම ඉතිහාස කෞතුකාගාරය නැරඹීමට අගමැතිනිත් එයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: ඊයේ(22) දිනදී කොළඹ මහජන...