ඉන්දියාවේ විවාහ පොරොන්දු වංචනික ලෙස කඩ කරන පිරිමින්ට වසර 10ක් දක්වා සිරදඬුවම්

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ රජය විසින් ඉන්දියාවේ වසර 164ක් පැරණි යටත් විජිත යුගයේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් නව නීති සංග්‍රහයක් හඳුන්වා දී තිබේ.

එම නීති සංග්‍රහයේ 69වන වගන්තියට අනුව කාන්තාවක් සමඟ ලිංගිකව එක්වීමෙන් පසු විවාහ පොරොන්දු වංචනික ලෙස කඩ කරන පිරිමින්ට වසර 10ක් දක්වා සිරදඬුවම් හා ඊට දඩයක් ගෙවීමට යටත් වේ.

මේ සම්බන්ධයෙන් කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් විසින් රජයට සිය ප්‍රශංසාව පළකර ඇති අතර ඉන්දියාව බොහෝවිට ලිංගික අපයෝජනයන් බරපතළ සමාජ ප්‍රශ්නයක්ව පවතින හෙයින් කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම නව නිතිය හඳුන්වා දී තිබේ.

ඉන්දියාවේ කුල ක්‍රමය නිල වශයෙන් 1950 දී අහෝසි කරන ලද නමුත් වසර 2000ක් පැරණි සමාජ ධුරාවලිය තවමත් බොහොමයක් පැතිවල පැවති. ඒ අතර විවාහය ප්‍රධානතම කරුණකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...