(VIDEO):මහින්දානන්දලා අලුත් පක්ෂයක් හදාගන්න එක හොඳයි. නැත්නම් මහ ජන්දෙට කොහෙන් ඉල්ලන්නද?

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණ ජන්ද විමසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඔලුව දෙස බලා හෝ පළාත සභා මහ ඇමති, ඇමති, මන්ත්‍රීවරු දෙස බලා හෝ ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපති, මන්ත්‍රී දෙස බලා හෝ තීරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

එම කොට්ඨාස තුනම පහුගිය කාලය තුළ අක්‍රීය වී තිබුණු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පහුගිය අරගලයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගමට නොගිය බවත්,පළාත් සභාවේ මහ ඇමති,ඇමතිවරු සහ මන්ත්‍රීවරු නොමැති බවත් ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපති, මන්ත්‍රීවරු නොමැති බවත් ඒ සියල්ල නාමික බවත් කුට්ටිආරච්චි මහතා කියා සිටියේය.

එම නිසා භූමියේ තත්ත්වය එම ඔළුගෙඩිවලින් මැනගත නොහැකි බවයි ඔහු පැවසුවේ.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු කණ්ඩායම පොහොට්ටුවෙන් ඉවත් වී අලුත් පක්ෂයක් සාදා ගැනීමද ඉතා සාධාරණ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන මහමැතිවරණයේදී ඔවුන්ටද ජන්දය ඉල්ලීමට තැනක් තිබිය යුතු හෙයින් එලෙස අලුත් පක්ෂයක් සාදා ගන්නේ නම් ඊට උදව් කළ හැකි බවත් කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...