අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීම හේතුවෙන් ඉන්දියාවේ වෛද්‍යවරු වැඩ වර්ජනයක

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සිකුරාදා (09) කොල්කටා හි 31ක් හැවිරිදි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් RG Kar වෛද්‍ය විද්‍යාලයේ දී දුෂණය කර මැරා දැමීම හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක රජයේ රෝහල්වල වෛද්‍යවරු විරෝධතාවක් ආරම්භ කර තිබේ.

පොලිසිය මිනීමැරුම සම්බන්ධයෙන් රෝහල් සිවිල් ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර යුක්තිය සහ වඩා හොඳ සේවා ස්ථාන ආරක්ෂාව ඉල්ලා වෛද්‍යවරුන් විසින් මුලින් බටහිර බෙංගාලයේ කොල්කටා හි ආරම්භ කළ විරෝධතා මේ වන විට රටේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී තිබේ.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, කඩිනම් නඩු විභාගයක් පමණක් නොව අපරාධය සිදුවීමට හේතු වූ කරුණු සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත්, රෝහල්වල වෛද්‍යවරුන්ගේ, විශේෂයෙන් කාන්තාවන් සිය සේවා ස්ථානවල පවා අනාරක්ෂිත බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්ය.

ඉන්දියාවේ වෛද්‍යවරු පවසන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වයට අමතරව රෝගීන්ගේ කෝපයට පත් පවුලේ සාමාජිකයින්ගේ ප්‍රහාරයන්ටද ඔවුන්ට මුහුණ දීමට සිදුවන බවයි. ඒ අනුව, ඉන්දියානු වෛද්‍ය සංගමය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ඉන්දියාවේ වෛද්‍යවරුන්ගෙන් 75% ක් කිසියම් ආකාරයක ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...