සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රීසිය වාර්තාගත ලෙස උණුසුම් වූ ජුනි,ජුලි මාසවලින් අනතුරුව ඇති වූ ලැවුගිනි තත්වයන් හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මේ වන විට කල්ලිටෙක්නූපොලි ප්‍රදේශයේ හා ග්රැමටිකෝ හි වේගයෙන් ව්‍යාප්තවන ලැව් ගින්න මැඩපැවැත්වීමට ගිනිනිවන බටයන් 700කට අධික සංඛ්‍යාවක්, ගිනි නිවන රථ 199ක් සහ ගුවන් යානා 35ක් යොදාගෙන ඇති අතර ලැවූ ගින්න මැඩපැවැත්වීමට ග්‍රීසිය යුරෝපා සංගම් රටවලින් ගින්න මැඩපැවැත්වීම සඳහා උපකාර ඉල්ලා සිටි අතර ප්‍රංශය, ඉතාලිය, චෙක් ජනරජය සහ රුමේනියාව වෙතින් ආධාර අපේක්ෂා කෙරේ.