සිව් වන කුඹල් පෙරහැර විදි සංචාරය කිරීම අද

Date:

සටහන – නදීක දයා බණ්ඩාර
අගෝස්තු 13,LNW මහනුවර :
ඓතිහාසික සෙංකඩගල පුර ඇසළ පෙරහැර මංගල්‍යෙය් සිව්වන කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදුවේ.


රාත්‍රී 7.20ට දකුණු දිශාභිමුඛව පිටත් වන පෙරහැර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතය.
තෙවන කුඹල් පෙරහැර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමඟින් ඊයේ වීදි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් සිංහරාජා ඇති විසිනි. කෝට්ටේ රාජා සහ මියන් රාජා යන ඇතුන් දෑලේ ගමන් ගත්හ.
ශ්‍රී දළදා මාලිගා පෙරහැරෙහි විෂ්ණු දේවලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතා ගමන් ගත්තේය.

ධාරානිපාත වර්ෂාව නොතකා සැදැහැවතුන් රැසක් පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටියෝය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...