සර්ව ජන බලය තමයි රටට තිබෙන එකම විසඳුම – විමල්

Date:

කොළඹ LNW: දුටුගැමුණු රජතුමන් දස මහා යෝධයන් සමඟ පැමිණ දුෂ්කර මොහොතක රට බේරාගත් අන්දමින් සර්වජන බලයට ද මේ දුෂ්කර මොහොතේ රට බේරාගැනීමට සිදුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා මාතාව නැමැති රෝගියා සුවපත් කළ හැකි සුදුසුම ප්‍රතිකර්මය සතු හොඳම දොස්තර තේරීම සඳහා මෙරට ජනතාව මෙවර ජනාධිපතිවරණය යොදාගත යුතු බවටයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ සඳහා සුදුසුම ප්‍රතිකර්මය ඇත්තේ සර්ව ජන බලය නියෝජනය කරන ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීරට බවද ඔහු කියාසිටියි.

“ශ්‍රී ලංකාව මේ වනවිට තම මෑත ඉතිහාසයේ බරපතළම දේශපාලන සහ ආර්ථික අර්බුදයට ගොදුරු වී තිබෙනවා. ශ්‍රී ලංකා මාතාව නමැති ලෙඩාට සුදුසුම ප්‍රතිකර්මය සිදුකළ හැකි හොඳම දොස්තර තෝරන මෙවර ජනාධිපතිවරණයට දැනට දොස්තරලා විසිඅටක් ඇප තැන්පත් කරලා. මේ අල්ලපනල්ලේ මේ දොස්තරලාට කඩේ යන ගොඩ වෙද්දු ටිකකුත් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ඔටුන්න පළඳලා ගියේ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ හිසේ. ඊටපස්සේ පොහොට්ටුවෝ ටික හිතුවා, ‘ගෝඨාභයගේ කාලෙ අපේ සාක්කු පිරුණේ නැහැ. දැන් අපේ සාක්කු හොඳට පිරෙනවා. සාක්කු පිරෙනවා නම් පොහොට්ටුව මොකටද? මේ පින් දොස්තරත් එක්කම ඉන්නවා’ කියලා. රාහු කාලයේ එළියට නොබහින ධම්මික පෙරේරාට රාහු කාලයේ නැකතක් දාලා එව්වාම එයා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරයෙන් ඉල්ලා අස් වෙලා තියෙනවා. පොහොට්ටුවේ ඉතිරි වෙන්නේ රාජපක්ෂලාට අමතරව තව හත්අට දෙනයි. මෙයාලත් එක්ක කොහොමද මැච් එකක් ගහන්නේ. දැඩි සත්කාර ඒකකයේ සිටින ලක් මාතාව සුවපත් කළ හැකි ප්‍රතිකර්මය ද සහිතව කාටත් හුරුපුරුදු ලකුණකින් දිලිත් ජයවීර ජනාධිපති සටනට එන්නේ හතරවැනියා, තුන්වැනියා හෝ දෙවැන්නා වීමට නෙවෙයි පළමුවැනියා වී වසර පහක් තුළ තම ප්‍රතිකර්මය ක්‍රියාත්මක කිරීමටයි. දුටුගැමුණු රජතුමන් දස මහා යෝධයන් සමඟ පැමිණ දුෂ්කර මොහොතක රට බේරාගත් අන්දමින් සර්වජන බලයට ද මේ දුෂ්කර මොහොතේ රට බේරාගැනීමට සිදුව තිබෙනවා” යයි විමල් වීරවංශ මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...