(VIDEO):පක්ෂ 35ක් එකතු වෙලා ඉන්නේ.රනිල් වික්‍රමසිංහගේ ගමන් මඟ දැන් පැහැදිලියි – රවී

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා මේ වන විට පක්ෂ 35ක් පමණ ඒකරාශී වී සිටින අතර දේශපාලනයට පිවිස නැති පක්ෂ 40ක් පමණද එකතුව සිටින අතර මේ වන විටත් එකතු වෙමින් සිටින මන්ත්‍රීවරු දෙස බලන විට වික්‍රමසිංහ මහතාගේ ගමන කොයි දෙසටද යන්න පැහැදිලි වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පැවසුවේය.

වැදගත් වන්නේ කයිවාරු ගැසීම නොව එකට එකමුතුව වැඩ කළ හැකි කණ්ඩායමක් එකතු වීම බවයි කරුණානායක මහතා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීනව ඉදිරිපත්වී සිටින්නේද ඒ වෙනුවෙන් බව ඔහු අවධාරණය කරන ලදී.

අභියෝගයක් පැවති මොහොතේ රට ගොඩගත් පිරිසත් සමඟ එකතු වී ඉදිරියට ගමන් කිරීම තමයි සිදුවිය යුත්තේ යන්නද රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය මගින් පවත්වනු ලැබූ නිපුණතා සංවර්ධන වැඩමුළුව අවසානයේ සහතික පත් ප්‍රදානය කිරීම සඳහා එක වූ අවස්ථාවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු...

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...

දෙහිඅත්තකණ්ඩිය සභාවේ බලය සජබෙට!

කොළඹ LNW: දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමඟි...

ශ්‍රීලන්කන් හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ...