සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් කුඹල් පෙරහැර අද වීදි සංචාරයට එක්වේ.

සටහන – නදීක දයා බණ්ඩාර 
අගෝස්තු 14,LNW මහනුවර :
සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (14) රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමිතය.

රාත්‍රී 07.15ට ශ්‍රී දළදා මාලිගාවෙන් නික්මෙන දළදා පෙරහැර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමඟින් වීදි සංචාරයට එක්වේ. දළඳා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කරන පෙරහැර රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීම සිදුවේ.
සිව් වන කුඹල් පෙරහැර ඊයේ (13) රාත්‍රී වීදි සංචාරය කළ අතර පස්වරු 7.20ට පෙරහැර වීදි සංචාරයට එක්විය. එම පෙරහැරේ සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් ඉන්දිරාජා ඇතුය. කෝට්ටේ රාජා සහ මියන් රාජා යන අතුන් දෑලේ ගමන් ගත්හ.

ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් පෙරහැරේ ගමන් ගන්නා ලද්දේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතාය.
හෙට (15) පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරයට එක්වන අතර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස 19 වන දින රාත්‍රී වීදි සංචාරයට එක්වේ. පසුදින අලුයම දිය කැපීම සහ දහවල් පෙරහැර සමගින් මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...