සටහන – රුවන් නෙළුගොල්ල
දුප්පත් ජනතාවගේ ගැටලු පිළිබඳ තුට්ටුවකට සංවේදී නොවී ආණ්ඩුව පසුගිය සමයේ කටයුතු කළ අතර එහි ප්‍රතිවිපාක දැන් ආණ්ඩුව අත්විඳිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
“දැන් සජිත් ප්‍රේමදාස මහතාගේ රැලිවලට, සමගි ජන බලවේගයේ රැලිවලට ජනතාව එන්නේ සුනාමියක් වගේ. වෙසක් බලන්න, තොරන් බලන්න යනවා වගේ. දුප්පත් ජනතාව, සාමාන්‍ය ජනතාව විඳින දුක ගැන පහුගිය කාලෙ තුට්ටුවකට මායිම් නොකිරීමේ ප්‍රතිඵල තමයි ආණ්ඩුව දැන් විඳිමින් ඉන්නේ. දුප්පතා ගැන සංවේදීභාවයක් තියෙන, ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි කණ්ඩායම සහ නායකයා ඉන්නේ සමගි ජන බලවේගයේ කියන එක ජනතාව තේරුම් අරන් ඉන්නවා. මේ මැතිවරණයේදී දෙවැනි වටයක් තුන්වැනි වටයක්, දෙවැනි මනාප කතන්දර නෑ, විශිෂ්ට ජයග්‍රහණයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලබනවා”
එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ අද (13) කොළඹදී පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.