නාමල් වෙනුවට අකිල!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ (LNW):

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස අකිල එල්ලාවල මහතා පත් කර තිබෙන සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සභාපති ධූරය සඳහා යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා විසින් වන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් එම යෝජනාව ස්ථිර කර ඇත.

උක්ත කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතිඥ) නාමල් රාජපක්ෂ මහතා එම කාරක සභාවේ සාමාජිකත්වයෙන් සහ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් සභාපති ධූරයේ ඇති වූ පුරප්පාඩුව සඳහා 2024.08.08 දින පැවති රැස්වීමේදී මෙම පත්කිරීම සිදු කෙරුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...