(PHOTOS):මෛත්‍රීගෙන් ගැලවුණු ශ්‍රීලනිපයයි,ලන්සාගේ නව සන්ධානයයි නැවතුණු තැන.රාජපක්ෂලා අතහැරි පොහොට්ටුවත් එයි!

කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,නව සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සිට රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය පළකිරීමට එක්ව සිටින කණ්ඩයම ඇතුළු පාර්ශව අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධාන ගත විය.

මෙම නව සන්ධානයේ නිලධාරී මණ්ඩලයද පත්ව තිබෙන අතර ලෙස ප්‍රධාන අනුශාසක ලෙස නව සන්ධානය නියෝජනය කරමින් ජෝන් සෙනවිරත්න, නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න, භාණ්ඩාගාරික ලෙස නව සන්ධානයේ චාමර සම්පත් දසනායක, ජාතික සංවිධායකවරුන් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, නව සන්ධානයේ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් පත්ව තිබේ.

උත්සවාකාරයෙන් එය වෝර්ටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු අතර ඊට සුභ පැතීමටද පිරිස එක්ව සිටින ආකාරය දැක ගත හැකි විය.

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ නිල වෙබ් අඩවියද මෙහිදී එළි දක්වනු ලැබීය. ”සැමට වෙනස් දැක්මක් සැමටම සුබවාදී අනාගතයක්” ලෙස එහි තේමාව ලෙස දක්වා ඇත්තේ.දක්වා ඇත.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වනුවෙන් මෙම සන්ධානය ඉතා සක්‍රීයව සම්බන්ධ වනු ඇති.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/685/support%20for%20Ranil%20Wickremesinghe

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...