අන්තිම මොහොතේ රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුසු බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලමින් ශාන් රණසූ‍රිය නම් නීතීඥයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් චෝදනා කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීම නුසුදුසු බවට ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (7) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බව පෙන්වා දී ඇති පෙත්සම්කරු එසේවුවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් උසස් කිරීම සඳහා යැවූ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකිරීමෙන් අනතුරුව එම උසස්වීමද සිදු නොකෙරුණු බවත් ඉන් පසුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු දෙකක් සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පහක් මතුව තිබෙන බවත් පෙන්වා දී ඇත.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වශයෙන් පත්කිරීම අභියෝගයට ලක් කෙරුණු පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීමට බාධාවක් නොමැති බව එම නියෝගයෙන් පැහැදිලිව පෙන්වා දී ඇති නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තමන් ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු නිසා වැඩබලන පොලිස්පතිවරයකු පත් කළ නොහැකි යැයි පැවසූ බව සිහිපත් කරන පෙත්සම්කරු එසේ කියූ ජනාධිපතිවරයාම පසුව අධිකරණ ඇමතිවරයා වශයෙන් අලි සබ්‍රි මහතාව පත් කළ බවත් සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නුසුදුසු බව ප්‍රකාශ කර ඇති පෙත්සම්කරු ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉහත කී ක්‍රියාවන් තුළින් ඔහු මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දුවක් ලබාදෙන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයකු පත්කරන්නැයි ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?