2024 වසර ආරම්භයේ සිට වාර්තාගත ජාතික තාප වාර්තා 15ක් බිඳ වැටේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : 2024 වසරේ පෙබරවාරි සිට ජූලි දක්වා වාර්තා ගත ජාතික තාප වාර්තා 15ක් විශ්මය ජනක ලෙස බිඳ වැටි නව වාර්තා පිහිටුවා ඇති බව දේශගුණ ඉතිහාසඥයන් සඳහන් කර තිබේ.

ඒ අනුව, මෙම ආන්තික උෂ්ණ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශගුණ ඉතිහාසඥයන් සඳහන් කර තිබුණේ, මීට පෙර මෙවැනි තත්වයක් කිසි දිනෙක දැක නොමැති බවත් මිනිසා විසින් සාදන ලද ගෝලීය උණුසුම ගෑස්, තෙල්, ගල් අඟුරු සහ ස්වාභාවික එල් නිනෝ කාලගුණික තත්වයන් හේතුවෙන් නිවර්තන පැසිෆික් සාගර මතුපිට උණුසුම් වන අතර එය ලෝකයේ බොහෝ ප්‍රදේශ වල ඉහළ උෂ්ණත්වයන් සමඟ සම්බන්ධ වන බවයි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් ජාත්‍යන්තර කාලගුණ වාර්තාවන් සංරක්ෂණය කර ඇති අතර ඒවා පරීක්ෂා කිරීමට විශේෂඥ මණ්ඩලක් සංවිධානය කර තිබේ. මිට අමතරව, විවිධ සංවිධාන රාශියක් විසින් ජාතික සහ උපජාතික වාර්තා පැයකට හෝ දිනපතා යාවත්කාලීන කෙරේ. කෙසේ නමුත් ඔවුන්ගේ සොයාගැනීම් සියල්ල ශීඝ්‍රයෙන් උණුසුම් වන ලෝකයක් ගැන ප්‍රබල අනතුරු ඇඟවීම් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...