එක පංතියෙ යාළුවො

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 15, (LNW) කොළඹ :

රනිල් වික්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන ගෙවුණු මෑත ඉතිහාසයේ දි දේශපාලනයේ දී හිතවතුන් විදිහට දැක්කට,ඊට පෙර ලංකාවේ බොහෝ ඡන්ද දායකයින් මේ දෙන්නව දැක්කේ සහ විශ්වාස කළේ දේශපාලන සතුරන් හැටියට.


හැබැයි ඔවුන්ගෙ ඒ සතුරුකම හරියට බොරුවට තරහයි කියලා පෙන්නන්න අපිව රවට්ටන්න කරන කොළොප්පමක් වගෙ.මේ දෙන්න එකම පාසලේ එකම පංතියේ එකට ඉගෙනගත් දෙන්නෙක්.මේ අතර සිටිය යුතු එවැනි තුන්වන දේශපාලකයා තමයි දැනට ජිවත්ව නැති අනුර බණ්ඩාරනායක.


මේ එළියට පේන නයි මුගටි ස්වභාවය ඇතුළතින් නැති බව පෙන්වන අපූරු අවස්ථාවක් හැටියට කොස්ගම ශාලාව වෙඩි හමුදාව සතු වෙඩි බෙහෙත් ගබඩාව පිපිරි ගිය අවස්ථාව හැඳින්විය හැකියි.ඒ වන විටත් මේ දෙන්න හිටියෙ හරියට නයි – මුගටි ස්වභාවයෙන්ම තමයි.හැබැයි රජය ගැන ලොකු වෛරයක් ඇති වුණ,කළකිරීමක් ඇති වුණ ඒ මොහොතෙ,අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ ඒවා සමනය කරන්න යොදා ගත්තෙ තමන්ගෙ පංතියේ මිතුරාව.


සථානය පරික්ෂා කරන්න ගියේ විපක්ෂයේ දිනේෂ් එක්ක.සාධාරණය යුක්තිය අහිමි වූ දේ වෙනුවෙන් කරන බවට විශ්වාසය ගොඩ නැඟුණෙ ආණ්ඩු විරෝධී අදහස් ඇතුව පුපුරා පුපුරා හිටිය මිනිස්සු තුළ රනිල්ගේ පොරොන්දු නෙමෙයි.ඔහුගෙ දේශපාලන සතුරෙක් ලෙස මිනිස්සු හිතාගෙන හිටිය විපක්ෂයේ විරුද්ධවාදියා ඒ කතා කරන පොරොන්දු අසළින් සිටගෙන සිටීම නිසයි.
හැබැයි දැන් මේ හැංගිමුත්තං කොළොප්පම අවසාන කරලා දිනේෂි රනිල් ළඟටම ඇවිත්.පංතියේ මිතුරා වෙනුවෙන් සමීපතවම පෙනී සිටින පුද්ගලයා බවට පත් වෙලා.තමන්ට විතරක් නෙමෙයි තමන්ගෙ ඉල්ලීමට අවුරුදු පහකින් විශ්‍රාම වැටුපක් එන,ජනතාවගේ සල්ලිවලින් කාලා බීලා සතුටෙන් ඉන්න පුළුවන් මංත්‍රී රස්සාවක් තමන්ගෙ පුතාටත් ලැහැස්ති කරලා දුන්න රාජපක්ෂලාගෙන් ගැලවිලා.


දැන් ඉතිං ඒ දෙන්න එක පංතියෙ හොඳම යාළුවෝ කියලා හොඳටම පැහැදිළියි.හැංගිමුත්තං කොළොප්පම් ඉවර කරලා දෙන්න මේ විදිහට එකට ඉන්න අවස්ථාව දැක්කෙ ජනාධිපති රනිල්ට සහය දක්වන්න සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් පැමිණි අවස්ථාවේ ගත්ත පිංතූරයට දිනේෂුත් එකතු වුණ නිසා. එක පංතියෙ මිනිස්සු එකට ඉන්නෙ මොන දේ වුණත්.අපි ඉතිං බොරු හැංගි මුත්තං කොළොප්පම් ෆුල් සීරියස් අරගෙන මම දිනේෂ්ගේ මම රනිල්ගෙ කියලා ගහ ගත්තට එක පංතියේ යාළුවට තරම් ඒ අය අපිට ලෙංගතු නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...