මැතිවරණ කොමිසම පුළුවන් හොඳම ලකුණ දුන්නා. ගෙදරට ගෑස් නැතුවම බෑ, රටට රනිල් නැතුවම බෑ – ආෂු

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වසරට දෙකකට පෙර රටේ පැවති තත්වය සිහිපත් වනවිට ජනතාව ඒ තත්වයෙන් රට බේරාගත් රනිල් වික්‍රමසිංහ මහතාට නියත වශයෙන්ම ඡන්දය ලබාගෙන බවත් ඒ අනුව මේ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු අභියෝගයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්, මහාචාර්ය ආෂු මාරසිංහ මහතා පවසයි.

“අතීත මතකත් එක්ක ගත්තාම මේක දෛවෝපගත විදියට මැතිවරණ කොමිසමෙන් අපට දෙන්න පුළුවන් හොඳම ලකුණ දුන්නා. මොකද ගෑස් සිලින්ඩරය කාටවත් අමතක වෙන ලකුණක් නෙවෙයිනෙ. දැන් අපි දුරකථනය පාවිච්චි කරලා ඉල්ලන්නෙත් ගෑස් සිලින්ඩරයනෙ. හැමෝම ගෑස් සිලින්ඩරයක් ඕනෙ වුණාම දුරකථනය පාවිච්චි කරලා තමයි ගෑස් සිලින්ඩරයක් ඉල්ලන්නෙ. හැමතැනම දකින්න තියෙන්නෙත් ගෑස් සිලින්ඩරේ. ඒ වගේම තමයි අවුරුදු දෙකකට කලින් අපි ගෑස් සිලින්ඩර් උඩ වාඩිවෙලා වින්ද දුක මතක් වෙනකොට හැමෝටම හොඳට මතක හිටින ලකුණක් හම්බවෙලා තියෙනවා. ගෑස් සිලින්ඩරය සම්බන්ධ අමිහිරි මතකයන් මිහිරි කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා මතක් වෙනවා. ඒ නිසා ගෑස් සිලින්ඩරය දැක්ක ගමන් ඒකට ඉස්සරහින් කතිරය ගහන්න මතක් වෙනවා. ගෑස් කියන්නෙ හැමෝටම ඕනෙ දෙයක්. ගෑස් සිලින්ඩරය අරගෙන ගිහිල්ලා ගෙදර පහන පත්තුකරගන්න, ලිප පත්තු කරගන්න හැම දේටම ඕනෙ වෙන්නෙ ගෑස් සිලින්ඩරය. ගෑස් අවශ්‍යයයි අපේ දෛනික ජීවිතයට. ගෑස් නැතුවම බෑනෙ. ඒ වගේම තමයි රටට රනිල් නැතුවම බෑ”

ආෂු මාරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...