පොලිස් වෙඩි පහරින් වන අලියකු මරුට !

Date:

දඹුල්ල, බකමූණ ප්‍රධාන මාර්ගයේ දමනයාය දම්පුර ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් වන අලියකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වූ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන “රාජා” නමින් හඳුන්වන වන අලියෙකි.

බකමූණ පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් පොලිස් ත්‍රීරෝද රථයෙන් මුර සංචාරයක නිරත වී සිටියදී ත්‍රීරෝද රථයට වන අලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා ඇති බව සඳහන්.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වන අලියා කිසිදු පුද්ගලයෙකුට කරදරයක් සිදු නොකරන සතෙකු බවයි.

පොලීසිය වෙඩිතබා වන අලියා ඝාතනය කිරීම හේතුවෙන් ඊයේ රාත්‍රියේදී ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් ද උද්ගතව තිබුණු බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...