පොලිස් වෙඩි පහරින් වන අලියකු මරුට !

දඹුල්ල, බකමූණ ප්‍රධාන මාර්ගයේ දමනයාය දම්පුර ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් වන අලියකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වූ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන “රාජා” නමින් හඳුන්වන වන අලියෙකි.

බකමූණ පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් පොලිස් ත්‍රීරෝද රථයෙන් මුර සංචාරයක නිරත වී සිටියදී ත්‍රීරෝද රථයට වන අලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා ඇති බව සඳහන්.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වන අලියා කිසිදු පුද්ගලයෙකුට කරදරයක් සිදු නොකරන සතෙකු බවයි.

පොලීසිය වෙඩිතබා වන අලියා ඝාතනය කිරීම හේතුවෙන් ඊයේ රාත්‍රියේදී ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් ද උද්ගතව තිබුණු බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...