ඉන්දියාව බැහැ කියපු ලෝක කුසලානය ලංකාවේ පැවත්වීමට යෝජනා නොවීමට,දේශපාලන හැසිරීම් ගැන සැකය බලපායිද?

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 16, (LNW) කොළඹ :

“ අපි එළැඹෙන වසරේ එක්දින ජාත්‍යන්තර තරග ලෝක කුසලානය පවත්වනවා.එවැනි තත්ත්වයක ලෝක කුසලාන තරග ගොඩ ගසා ගන්නට අවශ්‍යය නැහැ” ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩල ලේකම් ජේ ශා අයිසීසීය විසින් කාන්තා විස්සයි ලෝක කුසලානය පැවත්වීමට ඉන්දියාවට ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එසේ පවසා ඇත.


ෂෙයික් හසීනා ඉවත් කරමින් කළ අරගලය හේතුවෙන් බංගලාදේශයේ පවතින දේශපාලන ව්‍යාකූල තත්ත්වය නිසා,ඔක්තෝම්බර් මස 03 සිට 20 දක්වා එරට පැවත්වීමට නියමිතව තිබුණු කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සංවිධානය කිරීමේ අවස්ථාව බංගලාදේශයෙන් ඉවත් කිරීමට අයිසීසී ය තීරණය කර ඇත.ඒ අනුව එම තරගාවලිය ඉන්දියාවේ පැවත්වීමට යෝජනා වෙද්දී ජේ,ෂා එය ප්‍රතික්ෂේප කර තිබේ.
අයිසීසී ආරංචි මාර්ගවලට අනුව ඊ ළඟට ඔවුන්ගේ අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටය.ආසියානු කුසලානය සංව්ධානය කිරීමෙන් යහපත් ප්‍රතිචාර ලැබූ ශ්‍රී ලංකාවට මෙම ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීමට හිමි වුවහොත්,එය රටේ පවතින ආර්ථිකයට සහ ව්‍යාපාරික කේෂ්ත්‍ර ගණනාවකට විශාල පිබිදීමක් ඇති කරන තරගාවලියක් වනු ඇති අතර විශේෂයෙන් සංචාරක හෝටල් කේෂ්ත්‍රය සහ සංචාරක කේෂ්ත්‍රයේ විශාල පිබිදීමක් ඇති කරන්නට හේතු වනු ඇති බව සිතිය හැකියි.


එහෙත් මෙරට ද පවතින ජනාධිපතිවරණයෙන් පසුව උදාවිය හැකි තත්ත්වයන් ගැන ද අයිසීසීය අවධානය යොමු කරන්නට ඉඩ ඇත.පාර්ලිමේන්තුවම එක්ව අයිසීසී එකඟතාවය ඇතුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සිඳු කරන ලද කාර්යයන් ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීම නිසා අයිසීසී ය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තහනමක් පැනවීමට ක්‍රියා කළේය.ඒ නිසා ශ්‍රී ලංකාවේ ඒ මොහොතේ පැවත්වීමට තිබූ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ද ඉවත් කර ගත්තේය.විශාල මුදලක් මෙරටට ලැබෙන්නට නියමිතව තිබුණු ඒ මෙහොත අළලා ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා එම මුදල් පාලනය කිරීමේ බලය පැවරෙන්නට ගිය අමාත්‍යවරයා විසින් පත් කරන ලද අතුරු කමිටුව ගැන ද අයිසීසී ය කල්පනා කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින් ජාත්‍යන්තර වශයෙන් වැදගත් සහ විශාල මුදලක් සංසරණය වන මොහොතවල්වලදී සිය හිතවතුන් අතුරු කමිටුවල‍ට ගෙන ඒමේ පුරුද්දදක් ඔවුන්ගේ අධ්‍යයනයට හසුව තිබෙන නිසා විය යුතුය.අවසාන වරට ඒ දේශපාලන තීන්දුව ගත් දේශපාලනඥයාද මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව තිබීම ගැන ද ඔවුන් අවධානය යොමු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ...

කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...