*
Monday, October 7, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

(වොෂින්ටන් වෘකයා)

❤️අද රට බාරගන්න 39 ක් පොරකෑවට රට ගිණි ගන්න කොට එකෙක් හිටියෙ නෑ….?

❤️නාමයෝජනා දා උදේම කපටි නරියාට ඇදුනු ලොතරැයිය…..?

 ❤️මම ඡන්දෙ ඉල්ලන්නේ කයිවාරු ගහලා නෙවෙයි වැඩ කරල පෙන්නලා….?

❤️නරියාගේ කරට ගෑස් සිලින්ඩරය ආ හැටි….?

❤️බංගලි වයෝවෘදයාට “තරුණ” නරියාගෙන් ටියුෂන්….?

❤️සජිත් නාමයෝජනා දුන් අමුතු ක්‍රමය....?

❤️ඒ දෙන්න අවුරුදු දෙකක් දුවලා හති.මම දුවන්න ගත්තෙ දැන්….?

❤️ලබන වසරේ තව සහන දීල වාහනත් ගේනවා….!

❤️නරියා පැයක් පාරේ පරිප්පු කෑම…..?

❤️ජනමාධ්‍ය උපමාන කඩන අයගේ ඉරණම..?

❤️රාජිත ගේ කරණමේ  මහමොළකරු…..?

❤️නරියා අන්රයියාට කී රහස….?

❤️අතට අත දුන්නාම වඳින එකෙක් දැක්කමයි. සමාජ මාධ්‍ය ප්‍රහාර….?

❤️ගාල්ලෙන් වජිර ගෙනා නැකත….?

❤️විපක්ෂ පක්ෂයකට පිටරටකින් කෝටි 400 ක්…..?

❤️ඔළිද මෙන්ම දැන් භීෂණ ගේන්නෙත් බංගලිදේශෙන්…..?

ගෙම්බන් පැනීම ඇරඔිලාය. ඒ ජනපතිවරණය කැදවු බැවිනි. බොහෝ පිමි රටත් ජනතාවත් නිසි ප්‍රතිපත්ති නිසා නොව මුදල් මළු බාර් සුපිරි නිවාස ඉඩම් ය.

දෙදෙනෙකු අමුඩ ගැහුවේ හත් ගව්වක් තියාය.

“මම එයාල කළින් දිවවෙව්ව නිසා හති වැටිලා. මම හරි වෙලාවට දුවන්න ගත්තේ. මුදෙ ගැඔුර දන්නේ හොද කිමිදුම්කරුවො විතරයි” කපටි නරියා කීවේ එහෙමය.

ගිස සතියේ නුවර ගිය රනිල් ජනපති මන්දිරයේදී වෙළෙද ප්‍රජාව ඔහුට ස්තුති කළේ ගිණිගත් රට නීවු බැවිනි.

“බදු බර අඩුකරල අපි බේරගන්න” ඔවුහු කෑගැසූහ.

අපි ගොඩ යමින් නිසා  සහන දෙන්න පුළුවන්. වාහනත් ගෙන්නනවා. නුවර තව දියුණු කරන්න තියෙනවා” රනිල් ෂේප් එකේ කීවේය.          

වතු නායකයන් හමුවට පේරාදෙනි යාමට තිබිණ.

“පෙරහැර බලන්න ආ මිනිසුන්න්ට කරදර නොවන විදියට වැඩ කරන්න ” යයි කී රනිල් පාරේ පැයක පරිප්පුවක් කෑවේය.  ඒ හිරවීමට වාසියට හරවාගෙන ජනතාවට සුහද බව පළ කරමින් නරියා ඡන්ද පෙට්ටි 02 පුරවා ගත්තේය.     

අනතුරුව පැවැති පළාත් පාලන හමුවට  ජොන්ස්ටන් ගේ හොදම ගෝලයා කුරුණෑගල    හිටපු නගරාධිපති තුෂාර සංජීව ද පැමිණියේය.

“මහින්ද ගෝටා මහත්වරු වගේ අපි ඔබතුමාත් දිනවනවා” ඔහු කීවේ දැඩි ප්‍රතිචාර මැදය.     

අනතුරුව හැටන් ගියේ වඩිවේල් සුදානම් කළ වතු ප්‍රජාව හා ව්‍යාපාරික හමුවට ය.  කේ කේ පියදාස ගේ රැස්වීම නිමවා නුවරඑළි ගියේ ගුලි කිහිපයක් රහසේ අඔරන්නටය.

සදුදා මල් පාරේදී ගේම් රැසක් නිමවා නරියා කැබිනට් ගියේය. වීරවංශ පිළෙන් පාර්ලිමේන්තු ආ ජගත් ප්‍රියංකර ඔහුට හේත්තු වූයේ අනතුරුවය.සෙසු දිනවල  සජබ පොහොට්ටු දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු හමුවෙමින් ගේම් රැසක් ගැහුවේ මල් හා පැජට් පාරවල් වලදීය.   

“මාධ්‍ය උපමාන රාජ්‍ය හා පෞද්ගලික මාංධ්‍ය වල හරියට වෙනවද” ජනපති ඇසුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් ගෙනි.

“කොමිසම දීපු නිර්දේශ අනුව අපි නිරීක්ෂණ කරල ඒවා කොමිසමට යවනවා. මාධ්‍ය දෙවර්ගයටම විරුද්ධ පැමිණිලිත් ලැබිලා” දිනිත් කීවේය.

“19 සංශෝධනය අනුව මාධ්‍ය පාලනයට කොමිසමට බලය තියෙනවා.ඔයාලගෙ නිරීක්ෂණ මටත් එවන්න” නරියා රතු ඉර පනින මාධ්‍ය වලට වෙනම ගේමක් ප්ලෑන් කරනවාදැයි දන්නේ නැත. 

ජනපති අගහරුවාදා ගංගාරාමයට ගියේ කාටත් හේතුව නොකියාය.ඔහු පිළිගත්තේ වෛද්‍ය රාජිතය. ඔහු යළිත් පිමිමක් පැන්නේ රනිල් සමග මල්පහන් පුදා පිරිත් සජ්ජායනා මධ්‍යයේය. 2015 දී රාජපක්ෂලාට එරෙහි තීන්දුව රාජිත ගන්නා විටද බොහෝ අය කීවේ ඔළුව ගලේ ගසා ගත් බවය. එදා එම දැවැන්ත තීන්දුව දේශපාලනිකව කිරා මැන බැලුවේ රාජිත පුත් චතුර ය.එම තීන්දුව කිරිගහට ඇන්නාසේ නිවැරදි විය. මෙවර තීන්දුව කිරා මැන බැලීමේ පුරෝගාමියා ද චතුර විය හැකිය. එය හරිගියොත් චතුර මෙරට නොම්මර එකේ දේශපාලන විශ්ලේෂකයාවීම නියතය.

නරියා ඇතුළු ජනපති රේස් එකේ දුවන අයට බ්‍රහස්පතින්දා තීරණාත්මක විය. ඒ නාමයෝජනා හේතුවෙනි. දුරකතන ඇමතුම් නොදමන ලෙස  දැනුම් දී තිබුණ ද කිහිප වරක් පැමිණි ඇමතුමක් ජනපතිට ලබා දීමට තීන්දු විය. ඇමතුම බංගලාදේශ වැඩ බලන  ප්‍රධානි මොහොමද් යුනුස් ගෙනි.

“ඔබට සුබ පත්න මම ට්‍රයි කලා. කන්ටෑක්ට් වුණේ නෑ” එසේ කීවේ රනිල්ය. 

“බංගලාදේශය තාම ව්‍යාකූලයි.ඒකයි ඔබේ සුබ පැතුම මිස් වෙන්න ඇත්තේ. මම බලන්නේ මුලින් රට සාමාන්‍ය තත්වයට ගේන්නයි. ලංකාවේ අරගලයට එහා මේක ඔිඩු ගිහින්. ඒක සමනයට ඔබේ අත්දැකීම් බංගලිදේශය එක්ක බෙදාගන්න” යුනුස් ඉල්ලීය.

“ආර්ථිකය වැටුණොත් ඔක්කොම ඉවරයි” රනිල්  කීවේය.

“බංගලි වල ආයෝජන කල ලංකාවෙ අයට දිගටම ඉන්න කියල උපදෙස් දෙන්න” යුනුස් ඉල්ලීය 

ලංකාවේ අරගලය සංසිදුවමින් බංනොලොත් රට සාමාන්‍ය තත්වයට ගෙනා අයුරු ජනපති විස්තර කළේ ඔිනෑ දෙයක් අල්ලාගෙන ක්‍රියාත්මක කරන්නැයි අඟවමින් ගුරු මුෂ්ටිය  තබා නොගෙනය.

“ලංකාවේ අත්දැකීම්   ලබා දෙනවා. බංගලි වල දියුණුවට සහාය හා සුබ පැතුම් එක් කරනවා. තත්වය සමනය වුණාම ලංකා සංචාරයකට එන්න” රනිල් ආරාධනාවක් ද කළේය.

එරටේ නීතිය සාමය රකිමින් ආර්ථිකය නගාසිටුවීමට  හා සිවිල් වැසියන් වීදි වල ආධිපත්‍ය දරන අර්බුදයෙන් රට මුදාගෙන සාමාන්‍ය පසුබිම ඇති කරන්න දිගටම සහාය වෙන්න” වයස 84 ක වයෝවෘදයා “තරුණ රනිල්” ගෙන් ඉල්ලීය.

නාමයෝජනා වලට යන්නට මොහොතකට පෙර  නරියාට ලොතරැයියක් ඇදුනේය. ඒ සජබ වේලුකුමාර් ඔහු ගේ සහායට එක්වීමය.

රනිල් නිළ නිවසින් ගියේ බුදුන් වැදලාය. මල් පාරේ සිට නැකතට පිටත් වුයේද බුදුන්ට මල් පහන් සුවද දුම් පිදීමෙනි. නැකත ගෙනාවේ වජිර ය.

“ගාල්ලෙ අහවලාද නැකත හැදුවේ” පසුව අයෙකු ඇසුවේ සිනා මැදය.

“මේ පාර 40 ක් ඇප බැදලා නිසා කට්ටියට යන්න බස් එකක් හරි කෝච්චියක් හරි ඔින වෙයි නේද” ජනපති කොක්හඩලමින් කීවේ මැතිවරණ කාර්යාලයේදීය. අගමැති දිනේෂ් ජනපති නාමයෝජනා දීමට රැගෙන ගියවිට සජිත් හිටියේ පෝළිමේ පිටුපසිනි.සජිත් එකවරම මැතිවරණ නිළධාරීන්ගේ පිටුපසින් ගොස් නාමයෝජනා බාර කළේය.

“දිසා හා නැකැත් කේස් එකක් වෙන්නැති” අයෙක් කීවේය.

“2015 මහින්ද රාජපක්ෂ දුන්නෙත් ඔය ක්‍රමේටයි” වජිර කීවේ සාගලට ය. එදා මහින්දගේ ඉරණම ගැන ද එහිදී කතාවී තිබේ.

නාමයෝජනා බාරදුන් ජනපති සියලු දෙනාට අතට අතදී කතා කළේය. සජිත් වාඩිවී සිටි තැනටම ගොස් අත දුන්න ද ඔහු ආයුබෝවන් පාරක් දමා ෂේප් වීම ගැන බොහෝ අය මෙන්ම සමාජ මාධ්‍ය වලද නොයෙක් කතා ගියහ.

“සිංහල ක්‍රමයට ආයුබෝවන් කියන එක වැරදිද”….”අතට අත දුන්නම වඳින එකෙක් දැක්කමයි” සමාජ මාධ්‍ය වල තිබුණේ විවිධ කතාය.

නාමල්ට සුබපතා අන්තිම පේලියේ සිටි අනුර ලගට ගිය නරියා ඔහුට අතට අතදී කණට කර කී රහස දන්නේ දෙදෙනා පමණි. එළියට පැමිණි නරියාට සුබ පතන්නට දහස් ගණනක් පැමිණ තිබිණ.

“රට බංකොලොත් කරපු අය එක්ක මම තරහයි. පාර්ලිමේන්තුව අල්ලං බංගලි වල වගේ කැලෑ නීතිය ගේන්න හදපු එක අපි නැවැත්තුවා. මගේ ගේත් පිච්චුවා. මම බලය ඉල්ලන්නෙ කතා පවත්වල නෙවෙයි වැඩ කරලයි. පෝළිම්, බඩු හිගය නැතිකලා. පඩි වැඩිකලා. තව වැඩි කරනවා.ඉඩම් ඔප්පු, නිවාස දුන්නා. සමෘද්ධි වගේ තුන් ගුණයක් අස්වැසුම දුන්නා. රටේ හිස් ලාච්චුව ඩො බිලි 06කින් පිරෙව්වා. මේ ගමන ඉදිරියට යනවද ආපහු වලේ වැටෙනවද  තීන්දු කරන්න” නරියා වැනුවේ මාස්ටර් බ්ලාස්ටර් ක්‍රමයටය.

“දැන් ගිණි නිවපු රට බාරගන්න 39 ක් පොරකෑවට අමාරු වෙලාවේ ඔබතුමා හැර ඔය කවුරුවත් ආවෙ නෑ” වෛද්‍ය රමේශ් කීවේ හැගීම්බරවය.

නරියා ඡන්ද ලකුණු කිහිපයක් ලබා ගැනීමට සැලසුම් කොට අන්තිමට “ගෑස් සිලින්ඩරය” බදා ගත්තේ හේතු ඇතුවය. 

“ගෑස් නැතුව සති ගණන් පෝළිම් වල හිටපු හැටි, මැරිල වැටුණ හැටි මිනිසුන්ට දැන් මතක් වේවි” මහාචාර්ය ආශු ගේ විග්‍රහයට ජනපති ද හිස සැලුවේය. 

“වත්තල ඔබතුමාට පක්ෂව පෙළපාලියක් යනව කියල මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මට පොටෝත් එක්ක එවල තියෙනවා” දිනිත් ජනපතිට ඔත්තුවක් දුන්නේය.

“පෙළපාලි නීති විරෝධීයි. වහාම නවත්තන්න” රනිල් කීවේ සාගල හා වජිරට ය. අනතුරුව ජනපති ලෙස දිව්රුම් දුන් වාලුකාරාමය හා පසුව ගංගාරාමය ද වැදගෙන ඔහු නිළ නිවසට යනවිට මැතිවරණ කාර්යාලයට යාමට නොලැබුණු මැති ඇමතිවරු රැසක් පැමිණ තිබිණ.

” පිල්මාරු සූදුවට රු කෝටි 400 ක් රතුපාට රටකින් විපක්ෂ පක්ෂයකට ලැබිලා.   තොරතුරු හොයලා රටට එළිකරන්න” එහිදී කියවින.

“ඡන්දයට කළින් භීෂණ ගේන්න ඒවායේ පුරුදුකාරයො හදනවලු” එහිදී කියවින. ඒගැන අවදියෙන් සිටීමට ආරක්ෂක අංශ සුදානමින් බව ද පසක් විය.

“ඔළිද ගෙනෙන්නේ බංගලිදේශෙන් වුණාට දැන් භීෂණ ගේන්න හදන්නෙත් බංගලිදේශෙන්” අයෙකු කීවේ සිනා මැදය. 

අනතුරුව ජනපති කිරිකොකා ට ඇද නුවර ගියේ දළදා හිමි වැද මහනාහිමිවරු බැහැදැකීමටය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan