ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ 10 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ලෙබනනට එල්ල කරන ලද ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් කාන්තාවක් හා දරුවන් දෙදෙනෙකුද ඇතුළුව පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් ඊශ්‍රායල හමුදාව සඳහන් කර තිබුණේ, සිය ගුවන් හමුදාව Nabatieh නගරයට දකුණින් 50km (31 සැතපුම්) දුරින් පිහිටි Maroun al-Ras සහ Aita al-Shaab ගම්මානවල හිස්බුල්ලා සංවිධානයේ ආයුධ ගබඩා ස්ථානයකට පහර දුන් බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානයද පෙරළා රොකට් ප්‍රහාර දියත් කර ඇති අතර ඊශ්‍රයල් හමුදාව සඳහන් කර තිබුණේ, හිස්බුල්ලා සංවිධානය විසින් දියත් කරන ලද රොකට් 55ක් විවෘත ප්‍රදේශවලට වැටි ඇති බවත් ඒවායෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි.

සන්නද්ධ ගැටුම් ස්ථානය සහ සිදුවීම් දත්ත ව්‍යාපෘතියට අනුව ඔක්තෝබර් 7 දා දකුණු ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් සහ ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහි යුද්ධයෙන් අනතුරුව ඊශ්‍රායලය, හිස්බුල්ලා සහ ලෙබනනයේ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් අවම වශයෙන් ප්‍රහාර 8,533 ක් හුවමාරු කර ගෙන ඇත.

මෙම ප්‍රහාරවලින් සියයට 82ක් පමණ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද අතර, ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් හිස්බුල්ලා ප්‍රධානියා වූ ෆුඩ් ෂුක්ර් ඇතුළු ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයන් 601 දෙනෙකු මිය ගොස් ඇති අතර ඊට සාපේක්ෂව ලෙබනන් ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් 23දෙනෙකු මියගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...