සමගි ජන බලවේගයෙන් සහ සමගි ජන සන්ධානයෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ (LNW):

පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලු‍දෙනා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

කොළඹ අගරදගුරු නිවසේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා මුණගැසී ආශිර්වාද ලබාගත් අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය අනාවරණය කිරීම සම්බන්ධයෙන් තමාට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවත්, එය පාර්ලිමේන්තුවේදී පවා සභාගත කර ඇති බවත් හෙතෙම මෙහිදී පැවසීය.

මෙරට කතෝලික ප්‍රජාව ප්‍රමුඛ සමස්ත ජනතාවගේ අපේක්ෂාව වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදු වූවාද?, එහි සත්‍ය හෙළිකර ගත්තාද යන්න බවත් නිසා ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් පරීක්ෂණ සිදුකර කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලික සභාව දැනුවත් කරන බවද සජිත් ප්‍රේමදාස පැවසීය.

එබැවින් පාස්කු ප්‍රහාරයේ සුලමුළ සහ සත්‍ය සොයන වැඩසටහන කිසිදු භේදයකින් තොරව ක්‍රියාත්මක කරන බවත්, එම සත්‍ය කෙසේ හෝ සොයා බලා ඊට සම්බන්ධ වූ සියලු‍දෙනාට උපරිම දඬුවම් ලබාදෙන බවටද විපක්ෂ නායකවරයා මෙහි දී කාදිනල් හිමි ඇතුළු රදගුරුතුමන්ලාට පොරොන්දු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...