වැල් පාලමේ තුනෙන් දෙකක් අපි ගිහින් ඉවරයි.ඉතුරු එකත් රනිල් එක්කම යනවා – පවිත්‍රා

Date:

කොළඹ LNW:අද සියලු දෙනාටම ජන්දය ඉල්ලන්න හැකි තත්ත්වයට රටක් ගොඩනැගුණේ රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම නිසා යැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ වන විට වැල් පාලමේ තුනෙන් දෙකක් ගොස් අවසන් අතර ඉතුරු තුනෙන් එකද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යනවා මිස අත්හදා බලන්න අලුතෙන් කෙනෙක් අවශ්‍ය නැති බවයි ඇය සඳහන් කරන්නේ.

”මෙතන ඉන්න බහුතරයක් රනිල් මහත්තයා දිනවන්න වැඩ කරපු අය නෙවෙයි. හැබැයි අද අපි UNP එකයි ශ්‍රී ලංකා එකයි අපියි ඔක්කොම එක්කහුවෙලා රනිල් මහත්තයා දිනවනවා මිත්‍රවරුනි.ඇයි අපිට එහෙම දෙයක් කරන්න සිද්ධ වුණේ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහමඟ මරල දැම්මා. ඒ වෙලාවේ අපේ රාජ්‍ය නායකයා රටින් ගිහිල්ලා. විපක්ෂ නායකතුමා, එතුමා හැංගිලා. මහ අස්ථාවර රටක්. පාර්ලිමේන්තුව අල්ලගන්න එන්න කියනවා. රාජ්‍යක් නෑ. රූපවාහිනිය අල්ලගන්නවා. මහ කණගාටුදායක තත්ත්වයකට අපේ රට පත්වුණා. කිලෝ මීටර ගණන් ගෑස් පෝලිම්.කිලෝ මීටර ගණන් තෙල් පෝලිම්. මේ වගේ තත්ත්වයකදී මං මේ රට භාරගන්නන් කියල රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වුණා. දැන් අපිට ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තොරණ ජන්දෙදි දෙන්නෙක් ඉදිරිපත් වුණා. එක්කෙනක් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා අනිත් කෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපේ පක්ෂය අපිට මොකද කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයට දාන්න කිව්වා. අකිල මල්ලිලා,ජානක ඇමැතිතුමන්ලා,අපි ඉස්සෙල්ලම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජන්දය දුන්නේ එතුමාට ස්වාධීනව පාර්ලිමේන්තුව ඇතුලේ. එතුමා ත්‍රස්තවාදය මැඩපවත්වල,ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණව ස්ථාපිත කිරීම නිසා තමයි අද ඔය බෝපගේලා ඉඳල සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඉඳල,අනුර දිසානායක මහත්තයාගේ ඉඳල හැමෝටම අද ජන්දේ ඉල්ලන්න පුළුවන් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම නිසා. IMF එක තරහ කරගන්න පුළුවන්. IMF එක කියනවා ඔවුන්ට පිටුපෑවොත් නැවත කිසිම දවසක ලංකාවට උදව් කරන්නේ නැහැ කියල. ඒ නිසා තමයි අනුර කුමාරත් කියන්නේ මට යන්න වෙන්නෙත් ඔය වැල් පාලමේම තමයි කියල. ඉතින් දෙයියනේ මේ වැල් පාලමෙන් තුනෙන් දෙකක් රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියට ගියා නම් ඉතුරු තුනෙන් එක ගෙනියන්න අත්හදා බලන්න අලුත් මිනිහෙක් ඕනෙද? ඒ නිසා අපේ පක්ෂය එදා ගත්ත තීන්දුවේ ඉතුරු කොටස,ඉතුරු තුනෙන් එක කරන්න තමයි අපි මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහය දෙන්නේ.” යනුවෙන් වන්නිආරච්චි මහත්මිය තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?