නීතිය යුක්තිය වෙනුවෙන් කැප වුණු අපි රට ගොඩනගන්නත් සූදානම්!

කොළඹ LNW:නීතිය යුක්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී හිටපු අපි රට ගොඩනැගීම වෙනුවෙන් දායක වීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසුවේය.

ඒ අනුව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස්දහසකට වැඩි පිරිසක් මේ වන විට සංවිධානගත කර තිබෙන බවයි ජයසේකර මහතා සඳහන් කළේ.

”විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය අපි හමුදා නිලධාරීන් වශයෙන් රටේ සියලුම පුරවැසියන්ගේ ආරක්‍ෂාව, නීතිමය තත්වය තහවුරු කිරීම ආදී කටයුතු වෙනුවෙන් පසුගිය දෙදහස්නවය දක්වා විශේෂ ක්‍රියාන්විතයක සිටියා. නමුත්, මේ වන විට රටේ නිදහස සහ යුක්තිය බිඳවැටී තිබෙන්නේ. ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමුහිකය ඉදිරිපත් වී සිටින්නේ රට ගොඩනැඟීමේ කාර්යභාරයටයි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස්දහසකට වැඩි පිරිසක් මේ වන විට සංවිධානගත කර සිටිනවා. දිස්ත්‍රික් මට්ටමෙන් ගොඩනඟාගෙන තිබෙන අපේ සංවිධානය ජනාධිපතිවරණයේ දී ජනතාවට කරුණු අවබෝධ කරදීම සඳහා ක්‍රියාකාරීව මේ මැතිවරණයේදී මැදිහත් වෙනවා. රටේ පුරවැසියාට ආරක්‍ෂාව පිළිබඳව ඇති වී තිබෙන සාමුහිකය වෙත ලොකු වගකීමක් පැවරී තිබෙනවා, අපේ රට අපකීර්තියෙන් මුදාගෙන ඉදිරියට ගෙන යාම සඳහා. රට මේ වන විට පත් කර තිබෙන තත්ත්වය පිළිබඳව බුද්ධියන් කල්පනා කර රට ගොඩනැඟීමේ එකම ව්‍යාපාරය වන ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...