ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටිලා.දරුවන් සිය ගණනක් ජීවිත අවදානමක!

Date:

කොළඹ LNW:ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බව හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අනතුර හේතුවෙන් එය වළක්වා ගැනීම සඳහා හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවද ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් තිබීම තුළ එම සාකච්ජාද අර්බුදයට ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඉන්ධන නොමැතිවීම් හේතුවෙන් රෝහල්වල ක්‍රියාකාරීත්වය අඩපණ වී ඇති අතර කුඩා දරුවන් සිය ගණනක් මියයාමට ඉඩ ඇති බවට ගාසා සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

මේ අතර පෝලියෝ රෝගයද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් දරුවන්ට පෝලියෝ එන්නත ලබා දීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානයද පසුගියදා පවසා තිබුණේ.

මේ අතර ඊයේ දිනයේ දී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වූ අවතැන් කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් බව වාර්තා වෙයි.

ගැටුම් ආරම්භ වූ පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 40,139ක් ඝාතනය වී තිබේ. තුවාල ලබා ඇති සංඛ්‍යාව 92,743ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ලොව දරුණුම මානුෂිය ඛේදවාචකය බවට ඊශ්‍රායල – පලස්තීන ගැටුම පත්වෙමින් තිබෙන අතර වහාම සටන් විරාමයකට යා යුතු වන බවට ජාත්‍යන්තර ප්‍රජාව අවධාරණය කළද ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් තවමත් දක්වා නැත.

මේ අතර ඊශ්‍රායල පසුපස ඇමරිකාව ක්‍රියාත්මක වීම අවධාරණය කරමින් වහාම එය නවතා දමන ලෙසද අමරිඅකව තුළ ජනාධිපති ජෝ බයිඩන් ට බලකරමින් තවදුරටත් විරෝධතා ද පැවැත්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...