නරේන්ද්‍ර මොදී යුක්රේනයේ සංචාරයක

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹී අගෝස්තු මස 21,22 වෙනිදා යුක්රේනයේ සංචාරයක නිරතවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා (19) නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය විදේශකටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබුණේ, වසර 45 කට පසු ඉන්දීය අගමැතිවරයෙකු විසින් කරන ලද පළමු සංචාරය මෙය බවයි.

නරේන්ද්‍ර මොදී තෙවනවර ධුරකාලයක් වෙනුවෙන් බලයට පත්වීමෙන් අනතුරුව පසුගිය ජුනි මාසයේදී රුසියාව වෙත සිය පළමු සංචාරය සිදුකල අතර ඒ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, “ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ නායකයා ලෝකයේ ලේ වැකි අපරාධකරුවා මොස්කව්හිදී වැලඳ ගැනීම දැකීම සාම ප්‍රයත්නයන්ට විශාල පහරක්” වන බවයි.

කෙසේ නමුත්, යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රිකභාවයට සහ සංවාදයට මෙම ගැටුම විසඳිය හැකි බවට පැහැදිලි හා දැඩි ස්ථාවරයක සිටින අතර කල්පවත්නා සමයක් සාක්ෂාත් කරගත හැක්කේ සාකච්ඡාමය විසඳුමකින් පමණක් බව සඳහන් කරයි. ජනාධිපති මොදී යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, අනාගත පරම්පරාවේ සමෘද්ධිය සඳහා සාමය අවශ්‍ය බව මිතුරෙකු ලෙස මම නිතරම ප්‍රකාශ කළ නමුත් යුධ පිටියේදී තුවක්කු, බෝම්බ සහ උණ්ඩ අතර විසඳුම් ලබා ගැනීම පහසු නොවන බවට තරයේ විශ්වාස කරන බවයි.

ඉන්දියාව රුසියාව සමඟ දැඩි සම්බන්ධතාවයක් ඇති අතර මිලිටරි උපකරණ මිලදී ගැනීම හා බොරතෙල් ලබා ගැනීම ඒ අතර ප්‍රධාන වන අතර ඉන්දියාව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී යුක්රේනය පිළිබඳ සියලු යෝජනාවලින් වැළකී සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...