දුප්පත්කම තුරන් කිරීමට සමූපකාර ක්ෂේත්‍රයත් සම්බන්ධ කරගත් නව වැඩපිළිවෙලක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද වන විට අප රටේ අඩක් දුප්පත්භාවයට පත්ව ඇති නිසා මේ අසහනයට පීඩනයට ලක්වූ දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට සමගි ජන බලවේග රජයක් තුළ නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරන බවත් ඒ සදහා සමුපකාර ක්ෂේත්‍රය ද සම්බන්ධ කර ගෙන කටයතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රණසිංහ ප්‍රේමදාස මහතා දුප්පත්කම තුරන් කිරීමට ජනසවිය හරහා ලබා දුන් ආහාර සහය සෘජුව ක්‍රියාත්මක කලේ සමුපකාර හරහා බවත් මේ තුළින් දුප්පත් ජනතාව දුප්පත්කමින් මිදෙනවා සේම ග්‍රාමීය ආර්ථිකයට සුවිශාල සේවාවක් ඉටු කරන සමුපකාර ක්ෂේත්‍රයත් ජන සවිය නිසා ශක්තිමත් වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවති සමගි ජන බලවේගයේ සමුපකාර, කර්මාන්ත සහ වෙළෙඳ හමුව අමතමිනි.

සමුපකාර ක්ෂේත්‍රය ආරම්භයේදී මූලධර්ම 7ක් ඇති බවත් එනම් විවෘත සාමාජිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යාපාරයේ අතිරික්තය බෙදා දීම, කොටස් ප්‍රාග්ධනය සදහා සීමිත පොලියක් ගෙවීම සහ අධ්‍යාපන ප්‍රවර්ධනය ආදී වශයෙන් ආරම්භ වු මෙය අපේ රටේ 1906 ආරම්භ වු බවත් ඉන් අනතුරුව මෙය ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට, වරප්‍රසාද නොලත් ජනතාව ශක්තිමත් කිරීමට සහ ජනතාවගේ ආර්ථික ස්වෛරීත්වය ඇති කිරීමට ඉවහල් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අද අපේ රටේ තුනෙන් එකක් මේ ක්ෂේත්‍රය සමග බද්ධ වී ඇති බවත් විවිධ කාලවල දේශපාලන අතපෙවීම් තුළ පූර්ණ විභවතාවක් සපුරාගත නොහැකි වුවත් ග්‍රාමීය ප්‍රජා මූල ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ තුළ ගම බලවේගයක් වී ඇති බවත් මෙය දුප්පත් ජනතාව සවිබල ගැන්වීමට පමණක් සීමා වී නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ලෝකයේ විශාලතම සමුපකාර 300හි වාර්ෂික වටිනාකම ඇ. ඩොලර් ට්‍රිලියන 2.4ක් බවත් එය කිරි නිෂ්පාදන සමාගමක් වන ෆොන්ටේරා සමාගම ආරම්භ කිරීමට ද හේතු වූ බවත් පෙන්වා දුන්නේය.

තවද ජපානයේ සෙන්-නෝ සමුපකාරය ආදිය ලෝකයේ වැඩිම ආදායමක් උත්පාදනය කරන බවත් මෙවායේ ආදායම අ. ඩොලර් බිලියන 100ක් බවත් ජර්මනිය ආදී රටවල මෙය ඉතාම සාර්ථකත්වයට පත්ව දැවැන්ත ව්‍යවසායකත්වයක් බිහි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම සමුපකාර ක්ෂේත්‍රයේ සාමාජිකයන් සමග ඇති කර ගත් සමාජ සම්මුතිය තුළ අප රටේ සමුපකාර ක්ෂේත්‍රය ශක්තිමත් කරන සවිබල ගන්වන යෝජනා ඇති බවත් මේ ක්ෂේත්‍රය රැකගැනීමට පවතින නිති පද්ධතිය යාවත්කාලීන කරමින් පොදුජන සමාජයේ වැදගත් කාර්යයක් ඉටු කරන සමුපකාර ක්ෂේත්‍රය රැකගැනීමට කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

එසේම මේ ක්ෂේත්‍රය යාවත්කාලීන කළ යුතු බවත් අර්ථාන්විත ප්‍රායෝගික ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කර බැංකු ක්‍රමය විධිමත් කර ඩිජිටල් බැංකු ජාලයක් ඇති කළ යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා වානිජ සහ වෙළෙඳ සේවා විධිමත් කළ යුතු බවත් දුරකතන හරහා ඇනවුම් කර භාණ්ඩ විකිණීම සිදු කළ යුතු බවත් වැඩිදුරටත් පැවසීය.

අප රටක් ලෙස අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් කරා යා යුතු බවත් ඒ තුළ සමුපකාර ක්ෂේත්‍රයට දැවැන්ත කාරයභාරයක් ඇති බවත් අපනයන වෙළෙඳපොළ ආක්‍රමණය කර එය ජය ගැනීමට මෙම ක්ෂේත්‍රය වැදගත් වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...