කුඩු තොගයක් සමග STF නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට !

Date:

ජාවාරම් කිරීම සඳහා හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු පිළියන්දල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කරන බුද්ධි කොට්ඨාසයට අයත් නිලධාරීන් දෙදෙනෙකි.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 53 ක්, විලංගු යුවලක් සහ විද්‍යුත් තරාදියක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් මෙම කුඩු තොගය ජාවාරම් කිරීම සඳහා සුඛෝපභෝගී මෝටර් රථයකින් පිළියන්දල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථ ගාලකට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගැනීම මරණීය දණ්ඩනය හිමිවන වරදකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...