සර්වජන බලයේ උපායමාර්ගික සැලැස්ම ලංකා වාණිජ මණ්ඩලයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සහ සර්වජන බලය නියෝජිතයින් අතර අද (21) පැවති හමුවකදී ‘එක්ව නංවන රටක් – සතුට පිරුණු හෙටක්’ නම් සර්වජන බලය පක්ෂයේ උපායමාර්ගික වැඩපිළිවෙළේ දෙවැනි කෙටුම්පත ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් වෙත ලබා දුන්නේය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අද පෙරවරුවේ මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා ඇතුළු එහි නියෝජිතයින් හමුවූ අතර , ඒ වාණිජ මණ්ඩලය විසින් සම්පාදිත ‘2030 ශ්‍රී ලංකාව’ නමැති ආර්ථික සැලැස්ම පිළිබඳ ජනාධිපති අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේය.

එහිදී, සර්වජන බලයේ උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි දෙවැනි කෙටුම්පත දිලිත් ජයවීර මහතා විසින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින්ට ලබාදුන්නේය.

මේ අතර සර්වජන බලය අද පෙරවරුවේ පාර්ලිමේන්තු වට රවුම අසල දියත උයනට රැස්ව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රණවිරුවන් පාවාදෙන සත්‍ය සෙවීමේ කොමිසම් පනත හකුළාගන්නා ලෙස බලකරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...