සර්වජන බලයේ උපායමාර්ගික සැලැස්ම ලංකා වාණිජ මණ්ඩලයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සහ සර්වජන බලය නියෝජිතයින් අතර අද (21) පැවති හමුවකදී ‘එක්ව නංවන රටක් – සතුට පිරුණු හෙටක්’ නම් සර්වජන බලය පක්ෂයේ උපායමාර්ගික වැඩපිළිවෙළේ දෙවැනි කෙටුම්පත ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් වෙත ලබා දුන්නේය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අද පෙරවරුවේ මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා ඇතුළු එහි නියෝජිතයින් හමුවූ අතර , ඒ වාණිජ මණ්ඩලය විසින් සම්පාදිත ‘2030 ශ්‍රී ලංකාව’ නමැති ආර්ථික සැලැස්ම පිළිබඳ ජනාධිපති අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේය.

එහිදී, සර්වජන බලයේ උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි දෙවැනි කෙටුම්පත දිලිත් ජයවීර මහතා විසින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින්ට ලබාදුන්නේය.

මේ අතර සර්වජන බලය අද පෙරවරුවේ පාර්ලිමේන්තු වට රවුම අසල දියත උයනට රැස්ව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රණවිරුවන් පාවාදෙන සත්‍ය සෙවීමේ කොමිසම් පනත හකුළාගන්නා ලෙස බලකරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...