විරෝධතාවකට එරෙහිව අධිකරණ නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ (LNW):

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින්, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර තිබෙන විරෝධතාවට එරෙහිව නියෝගයක් නිකුත් කර තිබෙන බව සඳහන් වේ.

එම අධිකරණ නියෝගය නිකුත්කර තිබෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශය අවට මාර්ගවල ගමනාගමනය අවහිර වන පරිදි වාහන වලට සහ මහජනතාවට බාධාකාරී වන ලෙසට එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු කරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මරදාන පොලීසියේ ස්ථානාධිපති  මාළිගාකන්ද අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසයි.

අද දින පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය අවට ඒකරාශී වී අවට ඇති මහා මාර්ගය, පදික වේදිකා භාවිත කළ නොහැකි ලෙස අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ සහ සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කෙරුණු බව වාර්තාන්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝසම් වැසි ක්‍රමයෙන් සක්‍රිය වෙයි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු සමුගනී !

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය...

මචං රවී ….

මචං රවී, උඹ දැන් ලංකාවෙ ඇමතිකෙනෙක් නේද ? මට...