*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

චන්ද්‍රසේනගේ කාලේ දැන් ඉවරයි. මහින්ද මහත්තයා එක්ක දාපු සෙල්ලං නාමල් එක්ක නං දන්න වෙන්නේ නෑ!

කොළඹ LNW:අනුරාධපුරයේ දී ඊයේ (21) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිඅරච්චි මහතා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු ප්‍රබලයෙකු වූ එස්.එම්. චන්ද්‍රසේන මහතාට ප්‍රසිද්ධියේ අභියෝග කරන ආකාරය දක්නට ලැබුණි.

චන්ද්‍රසේන සහෝදරවරු එදා දේශපාලනට මුවාවෙලා ගසා කන විට ඇතැම් අවස්ථාවල රාජපක්ෂවරුන්ට ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට නොහැකි වුවත් ඔහුව අරලියගහ මන්දිරයට, ජනාධිපති මන්දිරයට කැඳවා තරවටු කළද ඔවුන් සමඟ රජරට ජනතාව සිටින බවට කියමින් සිටි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඒ ආණූආ මොනව කළත් රජරට ජනතාව ඔවුන් පාර්ලිමේන්තුවට එවන බවට වූ සිහිනයක් සිටි බවද තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරන ලදී.

”චන්ද්‍රසේන මහත්තයා සල්ගාදු පිට්ටනිය නවත්තුවට අපි ආවා කඩ මණ්ඩියට. ඊයේ රෑ,පෙරේද රෑ ගෙයින් ගෙට ගිහින් කිව්වා රාජපක්ෂලාගේ රැස්වීමට යන්න එපා ගියොත් බලාගෙනයි කියල. චන්ද්‍රසේන සහෝදරය කිව්වා මේ මැතිවරණයෙන් පසේ නැවත වතාවක් චන්ද්‍රසේනලා රාජපක්ෂලත් එක්ක එකතු වෙනවා ඒ එකතු වෙච්ච දවසට බැට ලැබෙනවා අපිව අමතක කරෝතින් කියල. චන්ද්‍රසේනලගේ කාලේ ඉවරයි නේද? චන්ද්‍රසේන ගියපු එක හොඳයි නේද? දැන් චන්ද්‍රසේන නැති අඩුව රජරට තරුණයෝ පුරවනවා නේද? චන්ද්‍රසෙනත් එක්ක එස්.එම්.රංජිත් ගියපු එක හොඳයි නේද?නාමල් රාජපක්ෂ මහත්තයාගේ සහෝදරයෙක් වගේ පෙනී හිටපු සහෝදරයෙක් කියල කියා ගත්ත ෂෙහාන් සේනසිංහ ගියපු එක හොඳයි නේද? දැන් උන්ගේ අඩුව පුරවන්න පිරිසිදු චරිත රජරටින්ම ගේනවා නේද? තව මොනවද කතා. බොන අය බොනවා බෝතලයක් දෙකක්. බාර් දාගෙනම බොන්න කියල නැහැනේ. බෝතලයක් බාගයක් බිව්වට කමක් නැහැ. බාර් තුනක් අරන් පනින්න කියල නෑනේ. දයාසිරි මහත්තයා බාර් තුන ගැන නම් වශයෙන් කිව්වනේ.දැන් චන්ද්‍රසේනලට පුළුවන් දයාසිරිත් එක්ක නඩු කියාගෙන බාර් පර්මිට් තුනක් රජරටට ගත්තේ නැහැ කියල කියන්න පුළුවන්. චන්ද්‍රසේන දුරකතනයෙන් ඊයේ මට කතා කරල අහනවා මල්ලි මක්කයි මේ වෙන්නේ කියල. මම චන්ද්‍රසේන ඇමතිතුමාගෙන් ඇහුවේ එක වචනයයි ලැජ්ජා නැද්ද චන්ද්‍රසේන මහත්තෝ කියල විතරයි මම ඇහුවේ. මම හිටියේ නුවර වැව ඉසමත්තේ පුංචි හෝටලයක. ඒ නුවර වැව හතර වටේම ඉවරයි අල්ලලා. එදා උන්දැල ගසා කනකොට බාර් දානකොට වැව් පිටිය අල්ලනකොට රාජපක්ෂවරුන්ට සමහර තැන්වල හයියෙන් කතා කරන්න බැරි වුණත් අරලියගහ මන්දිරයට,ජනාධිපති මන්දිරයට ගෙනල්ල තරවටු කළා. චන්ද්‍රසේනලට නරක වැඩ කරන්න එපා කියල කිව්වට උන්දැල හැමදාම කිව්වා රජරට ජනතාව ඉන්නේ අයියල මල්ලිලා එක්ක කියල. ඒ නිසා ඕන ජඩ වැඩක් කළත් පාර්ලිමේන්තු එවනවා කියන සිහිනයේ තමයි ඒ අය හිටියේ. හැබැයි එකක් මතක තියාගන්න මගේ රත්තරන් අම්මේ තාත්තේ ඒ ඉතිහාස කතාව ඉවරයි. දැන් මේ 22 වැනිදා බලයට පත්වෙන්නේ මේ රටේ 09 වෙනි විධායක ජනධිපතිවරයා වෙන්නේ නව සිතුම් පැතුම් සමඟ ඉදිරියට යන අවුරුදු 38පිරිසිදු චරිතයක් තියෙන ආදරණිය තරුණයෙක්. ඒ තරුණයත් එක්ක ඒ වැඩ කරන්න බැහැ.” යනුවෙන් කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan