හර්ෂිතා කැරිබියන් කාන්තා ලීග් තරගාවලියට

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 22, (LNW) කොළඹ :

හර්ෂිතා මාධවී සමරවික්‍රම කැරිබියන් කාන්තා ලීග් තරගාවලියේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමට තෝරා ගෙන ඇත.ඇයට එම අවස්ථාව උදා වී ඇත්තේ එම කණ්ඩායමට තෝරාගෙක සිටි මෙග් ලෙනින්ග් ආබාධයකට ලක් වීම නිසාය.


නිමා වූ අයර්ලන්ත සංචාරයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් කැපී පෙණුන පිතිකාරිණිය වූ හර්ෂතා එහිදී ජාත්‍යන්තර එක්දින තරගයක දී ශතකයක් ලද තෙවන ක්‍රීඩිකාව මෙන්ම කුමන හෝ තරග රටාවකදී ජාත්‍යන්තර මට්ටමේ තරගයකදී ශතකයක් ලැබූ සිව්වැන්නිය ලෙස ද අභිෂේක ලද්දාය.


ජාත්‍යන්තර ලීග් තරගාවලියකට චමරි අතපත්තුගෙන් පසුව අවස්ථාව ලද දෙවැන්නිය වූ හර්ෂිතා ට්‍රින්බෑගෝ නයිට්රටිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කැරිබියන් ලීගයේ දී පිටියට බසින්නට නියමිත අතර චමරි අතපත්තු එම තරගාවලියේ දී බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...