ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් 151 වැනි ශාඛාව මඩකලපුවේදී විවෘත කෙරුණු වගයි ! (PHOTOS)

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ක්‍රියාත්මක කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ 151 වැනි අයිටී කැම්පස් ශාඛාව මඩකලපුව, වාලච්චේන, බයින්තූරච්චේනෛ හිදී විවෘත කර තිබේ.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු 19 වනදා එම අයිටී කැම්පස් ශාඛාව විවෘත කරන ලදී.

මෙම අයිටී කැම්පස් ශාඛාවෙහි පරිගණක භාෂා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව 350 කි.

මීට අමතරව මඩකලපුව ඔට්ටමාවඩි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවේ ඉගනුම ලැබූ සිසුන් 75 දෙනෙකු සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මඩකලපුව ඩී.පී අයි ටී කැම්පස් සමූහයේ විදුහල්පති එම්. එම්. එස්. හරූන් මෞලවිතුමන්, පාසල් විදුහල්පති මහත්ම මහත්මීන්, නගර ප්‍රධානීන්, වෙළඳ ව්‍යාපාරික මහතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවෙහි වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. මෙය රැකියා ඉලක්කගත පාඨමාලාවක් වන අතර මෙම පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ වේ. එමෙන්ම ඔවුන්ට මොරටුව, කැළණිය සහ රුහුණ යන විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන පාඨමාලා හදාරමින් වැඩිදුර අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ වරම් ද හිමිවේ.

ඔබේ දරුවාත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන රුපියල් ලක්ෂ 25ක් වටිනා පරිගණක භාෂා පාඨමාලාවට යොමුකිරීමට ඔබේ ළඟම ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...