මහින්ද ළඟ හිටිය ජාවාරම්කරුවෝ,කැසිනෝකරුවෝ දැන් ඉන්නේ සජිත් ළඟ – සරත් ෆොන්සේකා

Date:

කොළඹ LNW:සිය ප්‍රමුඛතාව වන්නේ දුෂණය හා අවභාවිතාව නතර කිරීම බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

ඒ, අද (24) මහරගමදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

තමන් මේ වන විට පසුවන්නේ සමඟි ජන බලවේගය සම්බන්ධයෙන් කළකිරීමෙන් වන අතර එදා මේ ආණ්ඩුව භාරගනිමු යැයි තමන් ඇතුළු 25 ක් සජිත් ප්‍රේමාදාස වෙත බලකලද සජිත් ප්‍රේමදාස වගකීම්වලින් පැනගිය බවයි ෆොන්සේකා මහතා සඳහන් කළේ.

මහින්ද රාජපක්ෂ වෙත සහය දුන් ජාවාරම්කරුවන් කැසිනෝකරුවන් දැන් සිටින්නේ සජිත් ප්‍රේමදාස ළඟ වන අතර දුෂණය පිටුදැකීමට සජිත් ප්‍රේමදාස විසින් සදා තිබෙන කමිටුවේ සිටින පස් දෙනාම හොරු බව ද ෆොන්සේකා මහතා කියාසිටියේය.

”සමඟි ජන බලවේගයේ නායකයා සමග ප්‍රශ්න කිහිපයක් තිබුණා. 2020දී සමගි ජන බලවේගය තනතුරු දුන්නේ නෑ. මුදල් දුන්නේ නෑ.මගේ මුදලින් ගම්පහ සමඟිය උස්සල තිබ්බා. සමගි ජන බලවේගය පිළිබද මම අද කලකිරීමෙන් ඉන්නේ. කරුණු තුනක් නිසා මම සමඟි ජන බලවේගයේ නයකයාව පිලිකුල් කරනවා. මම ඇතුලු 25 ක් කිව්වා රට ගැන හිතලා ආණ්ඩුව භාරගමු කියලා. හර්ෂ ද සිල්වා කිව්වා මේ රටට අතගහන්න බෑ කිව්වා. සජිත් ප්‍රේමදාස වගකීම්වලින් පැනලා ගියා. සජිත් ප්‍රේමදාස ඉතා නිවට භියගුලු විදිහට එදා ඩලස්ව දැම්මා. එයාට බුද්ධියක් තිබුනේ නෑ. සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස යුක්තිය වෙනුවෙන් තරුණයින් 65000ක් ඝාතනය කළා. සජිතුත් හදන්නේ ඊට වඩා එකක් කරන්න. මම රට වෙනුවෙන් බෙල්ල තියෙනවා. යුතුකම වෙනුවෙන් කටයුතු කරනවා. මට ජාවාරම්කරුවන් උදව් කරන්නේ නෑ. මහින්ද රාජපක්ෂට උදව් කළ ඔක්කොම ජාවාරම්කරුවන් කැසිනෝකරුවන් දැන් ඉන්නේ සජිත් ගාව. ගාලු මුවදොර සජිත්ගේ බිරිද දාලා තියෙන සැලොන් එකේ කඩ කුලීය ගෙවන්නේ සීනී බදු වංචාකාරයා. රට බංකොලොත් ණය ගෙවන්න බෑ. අතීතයේ තිබුන ශ්‍රී විභූතිය දැන් නෑ. හිදින්න නැති කන්න බොන්න නැති රටක් අද බිහිවෙලා. ජනතාව මේක තේරුම් ගනීවී. පක්ෂවලට වහල්වෙලා කරන දුෂිත දේශපාලන සංස්කෘතිය වෙනස්කරන්න ඕන. මේ රට ගොඩයන්න ඕන නම් 95% පාවෙන ජන්ද වෙන්න ඕන. පක්ශවලට ගැතිවෙන්නේ නැතිව හරි මිනිසුන්ට ජන්දය දෙන්න. මගේ ප්‍රමුඛතාව දූෂණය සහ අවභාවිතය නතර කරන එක. සමඟි ජන බලවේගයේ නායකයා කමිටුවක් හදලා තියෙනවා දුෂණය නවත්වන්න ඒ පස්දෙනාම හොරු. මගේ ප්‍රමුඛතාවය ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. රටේ විනය රකිනවා. අවුරුද්දක් ඇතුළට රට මත් උවදුරෙන් රට බේරාගන්නවා. සමහරු පාසල්වලට ලැප්ටොප් 5ක් දීගෙන යනවා. එහෙම දීලා වැඩක් නෑ. ලැප්ටොප් 5ක් දීලා ඉංග්‍රීසියෙන් මොනවද කිව්වා මටත් ඒක තේරුණේ නෑ. තරුණයින් කියන දේ තේරුම් ගන්න බැරි නායකයෙක් ආවොත් මොනවා වෙයිද? මේ වගේ බුද්ධියක් නැති නායකයෙක් එක්ක හිටගන්න එපා. රට අගාධයකට යන්නේ. රණ විරුවන්ගෙන් ඉල්ලනවා දෙවන මෙහෙයුම කරන්න මා සමග එකතුවෙන්න කියලා. සැත්තැම්බර් 21 හරි තීරණයක් ගනිමු” යනුවෙන් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...

මිනසෝටා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : එක්සත් ජනපදයේ මිනසෝටා...

BRAKING NEWS : මාලිමාව ජයගනී ! කොළඹ නගරාධිපති ධුරය බල්තසාර්ට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට ජාතික ජන බලවේගයේ...