*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

සජබ රජයක් යටතේ රාජ්‍ය සේවකයින්ට සහන රැසක්. උපයනවිට බද්දේත් වෙනසක් – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වන විට රටේ හරි අඩක් ජනතාව දැඩි දුප්පත්කමින් නැතිබැරිකමින් අන්ත දරිද්‍රතාවට පත්ව ඇති මොහොතක රටේ සමස්ත ජනතාව දුකින් මුදවා ගන්නා මානුෂීය මෙහෙයුමට සමගි ජන බලවේගය ප්‍රවේශ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙතෙක් කල් මේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරින් සැලකුවේ රටට පාඩුවක් වශයෙන් වුවත් හිටිහැටියේම වත්මන් ආණ්ඩුවට රාජ්‍ය සේවකයාව වැදගත් වී ඇති බවත් එයට හේතුව වන්නේ අවස්ථාවාදීත්වය බවත් තමන්ගේ තැන රැක ගැනීමට සීනි බෝල දේශපාලනයෙන් රාජ්‍ය සේවකයින් රැවටීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවය රටට පාඩුවක් යැයි කියු මේ අය දැන් බොරු පොරොන්දු ව්‍යාපෘතියක නිරත වන බවත් සමගි ජන බලවේගය බොරු පොරොන්දු ලබා නොදෙන අතර කියන දේ කරන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ බොරු පොරොන්දු වෙනුවට නියමිත සැලසුම ඉදිිරිපත් කරන බවත් සමගි ජන බලවේග යුගය ආරම්භ වූ පසු ඒවා ඉටු කරන බවත් පැවසීය.

එසේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය සදහා විශේෂ කොමිසමක් පත් කර ඒ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය සේ්වයට නිරත වී සිටින නිලධාරින්ට 2025 ජනවාරි සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් වැඩි කරන බවත් රාජ්‍ය සේවකයන් ට ලබා දෙන 17800ක අවම ජීවන වියදම් දිමනාව 25000 දක්වා වැඩි කර සියලුම රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප 57500 දක්වා වැඩි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (23) වරකාපොල දී අතිසාර්ථක අන්දමින් පැවැත්වුණු සමගි ජන බලවේගයේ දස වැනි විජයග්‍රාහී ජන රැළිය අමතමිනි.

දැනට පවතින බදු ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය සේවකයා ප්‍රමුඛ වැඩ කරන පන්තියට විශාල බලපෑමක් වන බවත් අද වන විට රාජ්‍ය සේවකයන් විශාල පිරිසකට වැටුප මත අය කරන බද්ද 6-36% දක්වා ක්‍රියාත්මක බවත් දැනට පවතින බදු නිදහස් සීමාව එලෙසම පවත්වා ගෙන මෙම බද්ද 1-24% දක්වා අඩු කරණ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය සේවකයින්ට ලැබෙන්නේ මාසික දීමනාව පමණක් බවත් අමතර ආදායම් නොමැති බවත් වැටුපත් බදු ලෙස කැපෙන විට ප්‍රශස්ත රාජ්‍ය සේවයක් කිරීමට මානසික ශක්තිිය නොලැබෙන නිසා මේ සහන ලබා දෙන බවත් ඊට අමතරව රාජ්‍ය සේවය නූතනවාදී කර E ශ්‍රී ලංකා , E ගවර්මන්ට් වැඩසටහන හරහා සුහුරු රාජ්‍ය පාලනයක් සහ ප්‍රශස්ත පුහුණුවක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan