රට ගොඩගත් නායකයාට කළගුණ සැලකීමට ජනතාව ඒකරාශි වෙමින් සිටිනවා. – නිමල් ලාන්සා

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ (LNW):

වැටුනු රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනපති කරලමින් කලගුණ සැලකීමට ජනතාව ඒකරාශී වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ දිවුලපිටිය පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටුනු රට ගොඩගත්තා. රට වැට්ටුවේ කවුද කියන්න රටේම ජනතාව දන්නවා. රට වැටිලා කරන්න කවුරුත් නැති වෙද්දි, කට්ටිය පැනලා යද්දි රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තා. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර බැහැ කීවා. රනිල් වික්‍රමසිංහ අභියෝගය භාර ගත්තා.

තෙල්, විදුලිය, පොහොර, බෙහෙත් ටික නැතිව තියෙද්දි ජනාතාව, රට බේරගන්න කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ. ඒ ඉතිහාසය අවුරුදු දෙකක් යනකොට සමහරු අමතක කරන්න හදනවා. අපි වැටිලා ඉන්නකොට, කර ගන්න දෙයක් නැතිව ඉන්නකොට රට ගොඩගත් නායකයාට කළගුණ සලකන්න ඕනේ.

අපි එපා කියද්දි උත්සවයක් සංවිධානය කරලා මයිනාගෝ ගමට ගහන්න ගිහින් තමා රටේ මහා විශාල විනාශයක් කළේ. සජිත් ප්‍රේමදාස එදා රනිල් රජපක්ෂ කීවා අද ඒක කියන්න බැහැ. රාජපක්ෂලා අද ජන්දය ඉල්ලන්නේ දිනන්න නෙමේ. රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න. අද රාජපක්ෂලා සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරනවා. ජවිපෙට උදව් කරනවා. අපේ කණ්ඩායම උදව් කරන්නේ රට වැටිලා තියෙනකොට ගොඩගත් නායක රනිල් වික්‍රමසිංහ මහතාට. අපි හෘදසාක්ෂියට අනුව වැඩ කරන්න ඕනේ. අද සජිත් ප්‍රේමදාස රාජපක්ෂලට බනින්නේ නැහැ. ජවිපෙ රාජපක්ෂලට බනින්නේ නැහැ. බනින්නේ රනිල් වික්‍රමසිංහට. ඒ ප්‍රධාන අභියෝගය රනිල් වික්‍රමසිංහ මහතා නිසා.

ජනතාව අද පෙළ ගැහිලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට කළගුණ සලකන්න. අද අනුර කුමාර රාජපක්ෂලා එක්ක ඩීල්. සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂලා එක්ක ඩීල්. අපේ කණ්ඩායම කිසිදු කණ්ඩායමක් එක්ක ඩීල් නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරය සීඝ්‍රයෙන් උඩට එනවා. ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය වටා ජනතාව ඒකරාශි වෙමින් සිටිනවා”

යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...