මහින්දගේ වැරදි තීන්දුවක් නිසා අද රටම ගිනිගන්නවා – වෙල්ගම (VIDEO)

Date:

අද වනවිට රට මුහුණ පා ඇති අර්බුධයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ වත්මන් අගමැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කළේය.

ඒ, අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ප්‍රාදේශීය සභාවක හෝ දේශපාලන අත්දැකීමක් නැති ගෝඨාභය රාජපක්ෂ වැනි අයෙක් ඊට පත් නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියද සිය පවුලේ කෙනෙකු පත්කිරීමේ අවශ්‍යතාව මත හිටපු ජනධිපතිවරයා එම වැරදි තීන්දුව ගත් බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ වැරදි තීන්දුවක් නිසා අද රටම ගිනිගනිමින් තිබෙන බව හෙතෙම සඳහන් කරන ලදී.

තමන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ වසර 40ක් දේශපාලනය කළ නමුත් අද රටට සිදු වී ඇති දෙය දකින විට ඉතා කණගාටුවක් දැනෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවතාලනු මැන වෛරී දේශපාලනය!

උපාලි කොළඹගේ කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට රැගෙන එයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අද (09) දින...

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...