ෂීක් හසීනා ඉන්දියාවෙන් පිටුවහල් කරන ලෙස බංග්ලාදේශයේ විපක්ෂය ඉල්ලයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 29: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ශිෂ්‍ය විරෝධතවයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය අගෝස්තු 5 වන දින බංග්ලාදේශ් අගමැතිනි ශික් හසීනා ඉන්දියාවේ ආරක්ෂාව පතා පලා යාමත් සමඟ බංග්ලාදේශ විපක්ෂය හසීනා නැවත බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

හසීනා බලයෙන් පහ කිරීමෙන් සති කිහිපයකට පසු, බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී හැඟීම් ඉහළ මට්ටමක පවතින් අතර ඊයේ(28)දිනයේදී ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) ප්‍රධාන ලේකම් මිර්සා ෆක්රුල් ඉස්ලාම් අලම්ගීර් මෙන්ම ජාතික පක්‍ෂයේ සභාපති මුහම්මද් ක්වාඩර් ඉන්දීය මාධ්‍ය වෙත පැවසුවේ හසීනා ගේ වසර 15ක පාලන කාලය තුළ බංග්ලාදේශයේ සිදු වූ බව කියන බලහත්කාර අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් වග කිව යුතු බවයි.

පසුගිය සතියේ නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යුනුස් යටතේ බංග්ලාදේශයේ අන්තර්වාර රජය හසීනාගේ රාජ්‍යතාන්ත්‍රික වීසා බලපත්‍රය අවලංගු කිරීම හේතුවෙන් හසීනාට නීත්‍යානුකූලව ඉන්දියාවේ කොපමණ කාලයක් රැඳී සිටිය හැකිද යන්න පැහැදිලි නැත.

කෙසේ නමුත් ඉන්දීය රජය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව ධනවත්ම පුද්ගලයා වශයෙන් එලෝන් මසක්ට තිබු කිරුළ ලැරී එලිසන්ට හිමි වී නැවත මසක් සතුවේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව ධනවත්ම...

මාකදුරේ මධූෂ්ගේ ඝාතන සිද්ධිය යළි කරළියට. බිරිඳ විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ඝාතනයට...

පරණ සෙල්ලම් අවසන්. ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කරන්න රජයෙන් තීරණ රැසක්!

කොළඹ LNW:ඉහළ යන බිහිසුණු අනතුරු වැළැක්වීම සඳහා රජය් විසින්...

සජබ මන්ත්‍රී ප්‍රසාද් මාලිමා මන්ත්‍රීනී ලක්මාලිගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල තමන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද...