*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ජනතා බලය තවදුරටත් දූෂණයේ යදම්වලින් සිර කළ නොහැකිය

දශක දෙකක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ දූෂණයට එරෙහිව සටන් කිරීමේ සිය මෙහෙවර පෙරදැරි කරගනිමින්, ස්වාධීනව කටයුතු කරන දේශීය සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, රට පුරා දූෂණයට එරෙහිව, ස්වාධීනව සහ සාමාකාමීව ඒකරාශී වන මහජනතාව සමඟ එක්සිත්ව නැගී සිටීයි.

දශක ගණනාවක් තිස්සේ පවතින චෞර තන්ත්‍රය හෙවත් රාජ්‍ය බලය හිමි දූෂිත කණ්ඩායම් රට සූරාකෑම, මහා පරිමාණයෙන් සිදුවන පොදු දේපළ අවභාවිතය සහ නිසි පරිදි කළමනාකරණය නොකිරීම, රාජ්‍ය පරිපාලන පද්ධති සහ ක්‍රමවේද තුළ දූෂණය මුල්බැසගැනීම සහ පාලනයේ මෙන් ම රාජ්‍ය සේවයේ සමස්තයක් ලෙස විනිවිදභාවය සහ වගවීම නොමැති බව රටේ උද්ගතව ඇති තත්ත්වයට හේතු වී ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරයි.

එමෙන් ම, හදිසි නීති රෙගුලාසි, ඇඳිරි නීතිය සහ සමාජ මාධ්‍ය අවහිරතා මගින් මහජනතාව සතු ව්‍යවස්ථානුකූල අයිතීන් වන භාෂණයේ, ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස මැඩ පැවැත්වීමට ජනාධිපති ප්‍රමුඛ පාලන තන්ත්‍රය ගනු ලැබූ පියවර ද, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් තරයේ හෙළා දකිනු ලැබේ. පුරවැසියන්ගේ ප්‍රකාශනයේ අයිතිය රටේ දූෂණය මැඩලීමට අවශ්‍ය වැදගත් බල තුලනයක් ලෙස ක්‍රියා කරයි. ශ්‍රී ලාංකිකයන් මේ වන විට සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇත. අවදි වී ඇති මෙරට ජනතාව එක්ව කරන හඬ නැගීම බලයේ සිටින බොහෝ දෙනාට ඇදහිය නොහැකි ප්‍රබල තරංගයක් බවට පත්ව ඇත.

දේශපාලන උපක්‍රම සහ බලය අත්පත් කරගැනීමේ යටි අරමුණු ඇති පාර්ශ්වයන්ට, අර්බුදකාරී තත්ත්වයන් ද අවස්ථාවක් විය හැකි බවට ශ්‍රී ලාංකිකයන් අවධානයට ගත යුතු වේ. මෙය ශ්‍රී ලංකාවට මෙන් ම අන් ඕනෑ ම රටකට අදාළ වන කාරණයකි. එනම්, කලහකාරී අවස්ථාවල බලයට පත් වන්නන් පෙර තිබූ තත්ත්වයටත් වඩා දූෂිත අරමුණු පෙරදැරිව, අපගේ ආදරණීය මාතෘභූමියට ව්‍යසනයක් ගෙන එන්නන් වීමට ඇති හැකියාවයි.

1948 නිදහස ලබා ගත් කාලයේ සිට දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක් දෙසට දිවෙන මෙම මාවතේ ගමන් කරමින් සිටින බව හඳුනා ගැනීම වැදගත් වේ. බලයේ සිටින අය සිය දූෂිත ක්‍රියා වෙනුවෙන් විවිධාකාරයේ උපායයන් භාවිතා කරන බව ‍ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සිය අධ්‍යයනයන් මගින් තහවුරු කර ගෙන ඇත. ව්‍යූහාත්මක වශයෙන් අධීක්ෂණ ආයතන අඩපණ කිරීම, රාජ්‍ය සේවයට අත පෙවීම, රාජ්‍ය ව්‍යාපාර හා ව්‍යවස්ථාපිත මණ්ඩල අනිසි ලෙස භාවිත කිරීම, විශාල වශයෙන් පැතිරී ඇති පොදු දේපළ අවභාවිතය, මහජන මුදල් වංචා කිරීම, ගජමිතුරුවාදය සහ පවුල්වාදය හෙවත් බලය අවභාවිත කොට හිතවතුන් හෝ පවුලේ අය හට තනතුරු සහ විශේෂ සැලකිලි ලබාදීම ආදිය, පැවති ආණ්ඩු මෙම දේශයේ ධනය කොල්ලකෑමට ලක් කර එය දණින් වැටෙන රාජ්‍ය‍‍යක් බවට පත් කළ විධිවලින් කිහිපයක් පමණක් වේ.

රටක ප්‍රතිපත්ති, නීති සහ පද්ධති රටේ යහපැවැත්ම නොව බලයේ සිටින අයගේ වාසිය තකා වෙනස් කෙරේ නම්, එම රට රාජ්‍ය ග්‍රහණයට යටත් වූවකි. කෙසේ වුවත්, මෙම අර්බුදයෙන් මිදීමට නම් දූෂණය මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍ය වන බවට ජාතියක් වශයෙන් පොදුවේ අවබෝධ කරගෙන සිටීම පරිවර්තනීය වෙනසක බලාපොරොත්තු කැන්දන තත්ත්වයක් වේ.

මේ මොහොතේ ජනතා කැමැත්තට හිස නමන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලන තන්ත්‍රයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉල්ලා සිටීයි. එමෙන් ම, බලයේ සිටින්නන් සිය ක්‍රියාවලට වගවන තැනට පත් කිරීමට සහ ඔවුනට නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම තහවුරු කිරීම උදෙසා ස්වාධීනව කටයුතු කරන ලෙස ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නීතිය බලාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටීයි. එම ආයතන විසින් ජනතාවගේ ව්‍යවස්ථානුකූල අයිතීන් ආරක්ෂා කිරීමත්, නීතියට පටහැනිව ක්‍රියා කරන නීති නිලධාරීන්ට දැඩි දඬුවම් පැමිණවීමත් කළ යුතු වේ.

ජනතාව ඉතා විමසිල්ලෙන් බලා සිටීයි.

Transparency International Sri Lanka

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan