පොහොට්ටු ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු පිටපත නාමල්ගෙන් තම පියාට!

0
575

රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ රට හමුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත අද (30) දහවල් සුබ මොහොතින් එම පක්ෂයේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 02 දා ජනගත කිරීමට තීරණය කර ඇත.

රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහි කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසය.