HEAT එකේ දෙක වෙලත් FINAL නැහැ

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 31, (LNW) කොළඹ :

පේරු හී ලීමා කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන් අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබා සිටි පිරිමි මීටර් 100 සහය දිවීමේ තරගයේ අවසාන තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණේ නැහැ.ඔවුන් සහභාගි වූ මුලික තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තත්පර 40.14 න් දෙවන ස්ථානයට පත් වුණා.


සාමාන්‍යයෙන් මූලික වටයේ තරග නිමාවේ පළමු සහ දෙවන කණ්ඩායම් අවසාන තරගයට පිවිසීම සාමාන්‍ය තත්ත්වයක් වුව,මේ තරගයේ දී මූලික තරග තුනේම හොඳම කාලය වාර්තා කිරීම් පෙළ ගස්වා ඉදිරියෙන් ඇති කණ්ඩායම් නවය අවසාන තරගයට කැඳවීම ස්වභාවය වී තිබෙනවා.ඒ අනුව තරග තුනේම කාලයන් සාරාංශ ගත කර දක්ෂතා පෙළ ගැස්වීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කාලය 10 වන තැන තිබෙන බැවින් ඔවුන්ට අවාසනාවන්ත ලෙස මේ අවසාන තරගය අහිමි වෙනවා.


මීටර් 400 කඩුලු ඉසව්වේ දී අයෝමාල් අකලංක ට ද අවසාන තරග අවස්ථාව අහිමි වුණා.එහිදී සළකා බැලුණේ අවසාන පූර්ව තරග තුනේ පළමු ස්ථාන දෙක සහ ඉනික්බිතිව හඳුනාගන්නා හොඳම කාලයන් දෙක අවසාන තරගයට කැඳවීමයි.එහිදී අකලංක ඔහු සහභාගි වූ තරයේ දී සිව්වන ස්ථානයට පත් වූ නිසා පළමු ස්ථාන දෙක නිසා අවසාන තරගයට පිවිසෙන ක්‍රීඩකයෙක් වන්නට හැකියාව ලැබුණේ නැහැ.එහෙත් ඔහු කාලය අනුව දක්ෂතා පෙළ ගැස්වීමේ දී මුල් 10 දෙනා අතර සිටිනවා.එසේ පෙළ ගැස්වීමේ දී මුල් ස්ථාන දෙකකට ඒමට අවසාන පූර්ව තරගවලදී නොහැකි වීම නිසා කාලය අනුව දක්ෂතා පෙළ ගැස්වීමේ දි හත්වන ස්ථානයේ සිටින ජපානයේ ක්යෝ කිකුටාටත් අවසාන තරග අවස්ථාව අහිමිව තිබෙනවා.


ලෝකය ජය ගන්නට හෙට අයිති පිරිස සූදානම් කරන රටවල්,ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දරද්දී,ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය පැවසුවේ මුදල් නැති නිසා මේ තරගාවලියට සහභාගි වීමට මුදල් ලබා ගැනීමට නොහැකි නිසයි.එහෙත් රටේ ක්‍රීඩාව පාලනය කරන අමාත්‍යංශයක මීට වඩා තමන්ට පැවරි ඇති රාජකාරිය අනාගත පරපුරට ජයග්‍රාහී හෙටක් සැකසීම ලෙස දැනෙන හදවතක්,වගකීමක් තිබෙන පිරිසක් සිටියේ නම් මේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩකාවන් ලෝකයේ ප්‍රබලයන් සමඟ අවසාන තරගවල දකින්නට තිබුණා.
මලල ක්‍රීඩා සංගමය ද බොහෝ විට කටයුතු කරන්නේ නිලවරණවලින් පසු උදාවන සමයන්,සෑම සංචාරයක් සඳහාම මුදල් සඳහා අමාත්‍යංශය දෙසට කට හැරවී තිබෙන පිං කැටවල ස්වරූපයෙන්ය.මේ තත්ත්වය වෙනස් කරන බවට සහ එවැනි සැළසුම් ගැන වචනයක් ජනාධිපතිවරණ වේදිකාවේ නෑහෙන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්නම් යම් යම් තැන්වල පැති බෙදී අදහස්වලින් ක්‍රීඩා කරමින් තමන්ට විරුද්ධ කොටස් පරාජය කරන බවට වහසි බස් දොඩන බව පමණක් පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය සහ ජපන් ආක්‍රමණයට එරෙහි...

නීතියට උඩින් යන්න කාටවත් ඉඩක් නැහැ. අපි නීතියේ ආධිපත්‍ය රකිනවා – මහජන ආරක්ෂක ඇමති

කොළඹ LNW: නීතියට උඩින් කිසිවෙක් නොමැති අතර නීතිය ඉදිරියේ...

කොළඹ උතුරයි දකුණයි අවසන් තරගයට පැමිණෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු...

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: මේ වන විට ,...