*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

කඳ සුරිඳුන්ට බැතිමතුන් පිදූ මුදලින් දරුවන් වෙනුවෙන් ඉදිවුණු ආශ්චර්යමත් අපේක්ෂාව !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ අභිනවයෙන් ඉදිකෙරුණු ළමා වාට්ටු සංකීර්ණය 2024 සැප්තැම්බර් 03 වනදා විවෘත කිරීමට නියමිතව තිබේ.

මහල් හතරකින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණය වර්ග අඩි 26,000 ගොඩනැගිල්ලකි. මෙහි මහල් දෙකක රෝගී දරුවන් 76 දෙනෙකුට අවශ්‍ය සුව පහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිලි කැසිකිලි පහසුකම්, දරුවන්ගේ දෙමව්පියන් සඳහා වැසිකිලි කැසිකිලි පහසුකම්, රෝගී දරුවන් රැකබලාගන්නා මව්වරුන්ට නිදාගැනීම සඳහා විශේෂ ඇඳන් ද ස්ථාපිත කර ඇත.

එසේම රෝගී දරුවන්ට අවශ්‍ය ආහාර, අවශ්‍ය පරිදි ඔවුන්ගේ මව්වරුන්ට පිළියෙල කර දියහැකි විශේෂ මුළුතැන්ගෙයක් ද මෙහි ඉදිකර තිබේ. තවද නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණක ගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් ද එහි ඉදිකර ඇත. එමෙන්ම දරුවන් සිව් දෙනෙකුට එකවර ඇටමිදුළු බද්ධකිරීමේ ප්‍රතිකර්ම සිදුකළ හැකි පරිදි ඊට අවශ්‍ය ශල්‍යාගාර හතරක් ද මෙහි පිහිටුවා ඇත.

මෙම ළමා වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා මෙතෙක් කතරගම දේවාලයේ අරමුදල්වලින් රුපියල් මිලියන 160ක් පමණ වැයකර ඇති අතර තවත් මිලියන 10ක් පමණ ගෙවීමට ඇති බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේය. ගෙවීමට ඇති මුදල්වලින් කොටසක් සඳහා ඉන්දිරා පිළිකා භාරය ද දායකත්වය සපයන බවත් ඒ මහතා පැවසීය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සපයා තිබේ. මෙහි ඇඳන් සහ කබඩ් පරිත්‍යාග වශයෙන් ලැබී ඇත.

මාස 11ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ඉදිකිරීම් නිමකිරීමට හැකිවීම ද විශේෂත්වයකි.

රුහුණු කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ බැතිමතුන් විසින් කතරගම දෙවියන් වෙනුවෙන් දේවාලයට පුද කළ මුදලින් සිදුකළ හැකිවූ ලොකුම පින්කම මෙය බවයි.

මෙම ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම ඉතාම චාම් ආකාරයෙන් සිදුකිරීමට සැලසුම් කර ඇති බව බස්නායක නිළමේවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව මහා සංඝරත්නය වැඩමවා පිරිත් දේශනයක් පවත්වා මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට දායක වූ සැමට පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව මෙම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් පිරිසකගේම අතින් මෙම වාට්ටු සංකීර්ණය විවෘත කරන බවයි ඒ මහතා සඳහන් කළේ. එමෙන්ම මෙහි කිසිදු තැනක කිසිදු දේශපාලනඥයකුගේ හෝ නිලධාරියෙකුගේ හෝ බස්නායක නිළමේවරයාගේ හෝ කිසිවෙකුගේ නම සටහන් නොකිරීම ද විශේෂත්වයකි. මෙම සමරු ඵලකයෙහි හෝ කිසිවකුගේ නමක් ලියැවෙන්නේ නැත. සාමාන්‍යයෙන් දේශපාලනඥයින්, ඉහළ පෙළේ නිලධාරීන්, විවිධ ප්‍රභූවරුන් ගෙන්වා සිදුකෙරෙන විවෘත කිරීම්වලට වඩා මෙය සැබෑ වෙනසකි.

අහිංසක බැතිමතුන් විසින් කතරගම දෙවියන් වෙනුවෙන් පුදකරන ලද මුදල්වලට උපරිම වටිනාකමක් ලබාදෙමින් ඒ මුදල් මේ ආකාරයෙන් අසරණ වූ රෝගී දරුවන්ට හා ඔවුන්ගේ දෙමව්පියන්ට සහනය ලබාදීම සඳහා වැයකිරීම පිළිබඳව ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ලබාදී ඇති ආදර්ශය රටේ සමස්ත ජනතාවගේම ඇගයීමට ලක්විය යුතු බව අපේ හැඟීමයි. මෙරට ඉතිහාසයේ පළමු වරට දේවාලයක ආදායම් – වියදම් විගණන වාර්තාවක් මගින් ජනතාවට දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරන ලද්දේ ද ඩිෂාන් ගුණසේකර මහතා විසිනි.

මේ අයුරින් ඉහළ ආදායම් ලබන විවිධ ආගමික සිද්ධස්ථාන රැසක් අප රටේ තිබේ. ඒවායේ භාරකරුවන් ද මේ ආකාරයෙන් එම මුදල් සමාජ සුබසිද්ධිය වෙනුවෙන් කැපකරන්නේ නම් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධතිවල අඩුපාඩු රැසක් ඉතා පහසුවෙන් සම්පූර්ණ කරගැනීමට හැකිවනු නියත ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan