*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

නොමැකි හසවත මැකී ගිය වඟ…..

සටහන – නිශ්මං රණසිංහ

සැප්තැම්බර් 01, (LNW) කොළඹ :


මම ඔහු සාන්තුවරයෙක්ද කියන්නට නොදනිමි.සමහර විට මහත්තෙක් කී විට ද පරස්පරතා මතු විය හැකිය.රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවල සිටි අය අතින් හොද වුණත්,වැරදි වුණත් කාට හෝ අතපසුවීම්,සිත් රිදවීම් වී තිබෙන්නට ඉඩ ඇත.ඒ තත්පරය විසින් ඇති කරන සිතුවිල්ල නිසා කා තුළ වුව ඇති විය හැකි හැඟීම ඒ මොහොතට සීමා නොවන නිසා මිනිසෙක් නික්ම යන මොහොතේ ඉහත ලීවීම, සාමාන්‍යයෙන් සම්ප්‍රදායික ඇගයීමක් නොවිය හැකිය.එහෙත් යථාර්තය එයය.මට අනුව ලෝකයම සිතිය යුතු නැති නිසාත් මා ලෝකයට අනුව සිතිය යුතු නැති නිසාත් කුමන තත්ත්වයක වුව මගේ සටහන මට සාපේක්ෂව සුන්දර මිනිසෙකු ගැනය.
අපි ඇතැම් රාත්‍රීන්වලද හමු වි ඇත්තෙමු.ඒ විවිධාකාර විදිහටය.සමහර රැයක් රසවත්ය.ඒත් සමහර රැයක නිදි වර්ජිතව මිනිසුන් පිරිවරා ගෙන වැඩෙහි යෙදෙමින්ය.එවැනි එක් රැයක අප හමුවන්නේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී ය.

ඒ එහි පැවත්වෙන යොවුන් ක්‍රීඩා උළෙලකදී ය.ඔහු සිටියේ සම්පූර්ණයෙන් අවධානය ධාවන පථය ඇදීමට යොමු කරමින්ය.රැඟෙන ගොස් කුමන හෝ හෝටලයක ගාල් කළ ද,ඉන් පිටතට පැමිණ ගිය ගමණේ නිමිත්තට පූර්ව කතා ද හෙවීමේ පිපාසාවෙන් ගොස් එහි කරකැවෙන මට හමුවන ඔහු අතිශයින් කාර්ය බහුලව සිටියද,යන එන අතර දොඩන වැකි දෙක තුන අතරේ ද සිටියේ සිනහවෙන්මය.ඒ අතර ඔහු සමහරෙක්ට අවවාද දුන්නේ දැඩීව වුව ඒවා අර සිනහබර ගතියෙන් මුදු කළේය.දුවන අතරේ පැමිණ ඔහු මා සිටින තැන ද විමසිල්ලෙන් විමසා බලන්නේය.එවැනි අත්දැකීම් යොවුන් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන්ම තැන් කිහිපයක ඔහුටත් මටත් තිබිණ.


නොවැරදී සිනහව අල්ලාගෙන සිටීම නිසාම ඇතුළතින් දැවෙන කෝපයක් වුව ඔහුගේ මුහුණේ නො’ඇදිණ.කාර්යක්ෂම ගමන බිමන වෙහෙසක් ඇතැයි සිතන්නට ඉඩ නොඳුන්නේය.නිතරම වැඩ කරන තැනක කඩිසරව සිටින ප්‍රියමනාප මුහුණ ඔහු රැක ගත්තේ කෙසේ ද නොදන්නේය.
මා මිතුරෙක් සමඟ වරක් දෙ’වරක් ඔහුව මුණ ගැසෙන්නට කැළණියේ නැවතී සිටි නිවසට ද ආ ගිය කෙනෙක්ය.ඒ ගිය එක් වතාවක “මෙයා අපේ ඉන්ටවීව් බෝඩ් එකට අනිසි බලපෑම් කරනවා” කියා සිනහසුණේය.ඒ ක්‍රීඩා නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවත්වීමට ආසන්නයේ කලෙක අපූරු කෙටි ධාවකයෙක්ව සිටි එවකට රැකියා විරහිත තරුණයෙකු වූ “ඉල්හම්” ගැන ලියූ සටහනක් සිහි කරමින්ය.


එතැන් සිට ඔහු සමහර දක්ෂ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තරගයකට පැමිණි විට යම් යම් ඉඟි දීම් ද කළේය.”හොයලා බලලා හොඳ කතාවක් ලියන්න බලන්න.” ඒ ඉඟි මරු ය.ඒ බොහෝ අය බොහෝ දුර නොගියේ අතරමැද නැවතුණු නිසාය.අල්ලාගෙන සිටි අය නමක් ඇති අය වූහ.
එහෙත් ඒ බොහෝ දෙනෙක් සිටියදී ඔහු නික්ම ගොස් ඇත.ඒ සිනහව දෙතොල් මත ඒ විදිහටම අත නොහැර ගොස් තිබෙනු ඇති බව මට හැඟෙන්නේය.එහෙත් පරික්ෂාවට මෙල්බෝර්න් දුරය.


“මටනම් මේ ඔයාද කියා හිතා ගන්නට බැහැ.” ඔහු එවැනි වචනයක් මගේ එෆ්බී පළකිරීමකට ප්‍රතිචාර ලෙස තැබූ බව මතකය.ඒ එක්තරා දේශපාලන නායකයෙකු ඔහුට අනුව දේශයේ ගැලවුම්කාරයා ලෙස ඔහු සිතමින් සිටි මොහොතකය.හා එය එසේ නොවන බව ප්‍රසිද්ධියේ කියමින් සිටි අවදියකය.එහෙත් නායකත්වයට පත් වූ පසුව ඉක්මණින් ඔහු මා කී දේ තේරුම් ගත් බවක් පෙණින.ඒ අදහසින් ඉවත් වූ බවක් නොකී නමුත්,මා වරදක් නොකළ බව ඔහුට දැනී තිබුණ බව දැණින.


නමින්ම පාලිත වූ ඔහු පාලිතයෙහි දක්ෂයෙක්මයි කියන්නට මා නොදනියි.මා දන්න සීමාවේ ඔහු වෙහෙස නොබලන,ආවේගය නොපෙන්වන අපූරු සිනහමුසු මුහුණින් සිටි අයුරු, ඔහු පාලිතයේ සොඳුරු මිනිසෙක්ව සිටි බව මතකයේ හැමදාම රඳවා තබනු ඇත.ඒ සොඳුරු සිනහව,මිත්‍රශීලීකම,දුවන අතරෙ තට්ටුවක් දාගෙන හෝ ඒ සුහදකම සළකුණු කර යන පාලිතයන් පසුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් පුටුවේ හිඳුවන්නට බලපාන්නට ඇත්තේ ද,ඔහුගේ නොමැකෙන සුහදශීලී පෙණුමම විය යුතුය.


ඔහු වැඩි දෙනාගේ කැමත්ත ඇතුව මලල ක්‍රීඩා ලේකම් පුටුවේ හිඳ ගත්ත ද,පසුව ඔහු මෙරටින් නික්ම යන්නට තීරණය කළේය.වත්මන් ලේකම් සමන් කුමාර ගුණවර්ධන ඒ තනතුරට පත්වන්නේ ඉනික්බිතිවය.සටහන් කර තැබිය යුතු හොඳ මනුස්සෙක් ලෙස ඔහු තව දුරටත් ජීවත් නොවුණ ද,මා ජීවත්වෙන තුරුම මතකයේ රැඳෙන්නට සමත්කම් පෑ අයෙක් ලෙස නික්ම යන මොහොතේ සිය පවුල් කැඳැල්ල තුළ රැඳෙන්නට ගත් තීරණය මට අනුවනම් ඔහුගේ සතුට තීව්ර කරන්නක් වන්නට ඇත.ලංකාවේ මලල ක්‍රීඩාවේ සතුටු වන්නට ක්‍රීඩක දක්ෂතාවලට එහා ගිය යමක් නැති බව දැනෙන හැම මොහොතකම,ඊට හේතුවක් නොවී පවුල් ප්‍රේමයත් සමඟ ජීවත්වන්නට භාග්‍යවන්ත වූ පාලිතයන් නිතර හසවතින් දිලුණු,සොඳුරු හිතමිතුරුකම් සුරැදුණු සොඳුරු මිනිසෙක්ම බව මඟේ හැඟීමය.
ඔබට ගෞරවණීය ආචාරය!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan