*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ආර්ථික ඔස්තාර්ලා වෙනුවට කම්මැල්ලවීරගේ සංවර්ධන ප්‍රවේශය!

කොළඹ LNW:2024 ජනාධිපතිවරණ ජන්ද විමසීමේ පූර්ව ප්‍රචාරක කටයුතු සිදුවෙන මේ දින කියන්නේ මොහොතින් මොහොත මැතිවරණ උණුසුම වැඩිකරන්නක්. විශේෂයෙන් ප්‍රධාන අපේක්ෂකයින් දෙතුන් දෙනා අතර ක්‍රියාත්මක තිබෙන ජන්ද සටන විසින් භූමියේ දේශපාලනය වෙනස් වෙමින් තිබෙන ප්‍රවේශයන් ද හඳුනා ගැනීමට හැකියි. ඇතැමුන් පවසන පරිදි අපි හම්බකලොත් අපි කනවා කියන පටු ප්‍රවේශය දැන් විසිරෙමින් තිබෙන අතර එසේ කරන්නත් අපව පාලනය කරන්නා පිස්සෙක් නොවිය යුතු තැනට ජනතාව කන්වර්ට් වෙමින් තිබෙන ආකාරයත් භූමිය පිරික්සීමේදී හඳුනා ගන්න පුළුවන්. රටක් විදිහට දේශපාලන දෘෂ්ටිය සුබ තැනකට වෙනස්වීම ඇත්තටම හොඳයි. මොකද දේශපාලනයෙන් විතැන්වෙලා හුස්ම ගන්නවා කියන එකත් බොරු නිසා. මෙතැනදී ජනතාව බලය දෙන්නේ කාටද යන කාරණය එසේ තිබියදී වෙනදාට වඩා දේශපාලන සාක්ෂරතාවේ ප්‍රගතියක් ඇති බව නම් පෙනෙන්නට තිබෙනවා.

මේ ගෙවෙන මොහොත වන විට රටක් ලෙස අප සිටින්නේ ආර්ථික පරිහානියක් සමඟින්. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ඉදිරියෙන් බංකොලොත් ලේබලයත් අපි ගහගත්තා. ඒ නිසාම අද තියෙන්නේ ආර්ථිකය ගොඩ දාන සටනක්. එදා 2019 ජාතික පැවැත්ම වෙනුවෙන් ජාතික ආරක්ෂාව ඉදිරියට පැමිණියා සේ අද ජාතික පැවත්ම වෙනුවෙන් ජාතික ආර්ථිකය පෙරමුණ ගෙන සිටිනවා. ආර්ථිකයක් වැටුණු තැන යහපත්, නිවුණු ජීවිතයක් නැහැ කියන්න මේ වෙද්දී මේ රටේ සාතිශය බහුතරයකට අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් විසින් අද නැගී එන දේශපාලන ප්‍රවාහයකට ජනතාව තල්ලු වෙමින් සිටින මොහොතක පසුගිය 30 වැනිදා දේශපාලන වේදිකාවක අපුරු කතාවක් කන වැකුණා.

මේ කතාව කියන්නේ ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්වීර මහත්මයා. ජයතික කම්මැල්ලවීර මහත්මයා නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය හෙවත් මාලිමා කඳවුර. ඔහු ඒ කතාව කියන්නෙත් පහුගිය 30 වැනිදා කොට්ටාව නගරයේ තිබුණු අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වූ මහජන රැළියේදී.කුමන වේදිකාව වුවත් ගත යුතු හොඳ පොදු මහත් ජනතාව ලෙස ගත යුතු වෙනවා. ඒ ගැන සිතිය යුතු වෙනවා. ආර්ථිකය ගොඩ දමා ජනතාව සුඛිත මුදිත කරන්නට පේවී පෙළ ගැසී ජනාධිපතිවරණ අපේක්ෂකයින් ජනතාව හමුවේ අභිමුඛ වෙමින් තිබෙන මොහොතක දියුණු ආර්ථකයක්,සංවර්ධිත රටක චිත්‍රය එදා කම්මැල්ලවීර මහත්මයා කිව්වා කියලයි හිතෙන්නේ.

හැමෝම ඉන්නේ එකම දේශපාලන මතයක නෙවෙයි. ලක්ෂ 22ක ජනතාව ඉන්නේ තමන්ට අනන්‍ය,හොදයි කියා හිතෙන, විශ්වාස කරන මතයන් එක්ක. ඉතින් මේ බෙදුණු දේශපාලන මත ඇතුලේ පක්ෂ පාට භේද නැතුව එකඟවෙන්න පුළුවන් තැන්වල එකඟවෙන්න තරම් අපි දේශපාලනිකව ඉදිරිගාමී වෙන්න අවශ්‍යයි.

එදා කම්මැල්ල වීර මහත්මයා සංවර්ධන රාජ්‍යයක එක් ස්වරූපයක් ඉතාම සරළව කිව්වා කියලයි මට හිතුණේ. බෙදුණු දේශපාලන දෘෂ්ටිවාදයන් පසෙක තබා එවැනි මන්පෙන්වීම් ගැන මිනිස්සු විදිහට හිතන ප්‍රවේශයකට එන්න ඕනේ කියලත් මම විශ්වාස කරනවා. අපේ ආච්චිලා සීයලාගේ අම්මල තාත්තලාගේ ඉදන් අපි තවමත් සංවර්ධිත රාජ්‍යයක සිහින දකින මිනිස්සු. සංවර්ධිත රාජ්‍යයන්හි ජීවිත හැඩ බල බල ඒවා හිතින් විදින මිනිස්සු. එකී ජීවිතයක් අනාගතයක් අත්පත්කරගැනීම වෙනුවෙන් එම රාජ්‍යයන් වෙත පියැඹු,පියාඹන්න හදන මිනිස්සු ඉන්න රටක මිනිස්සු. ඔව් මිනිස්සු ආසයි හොඳ,සැනසිලිදායක ජිවිතයකට. මොකද ජීවිතය විදගන්න පුළුවන් වෙන්නේ ඒ සැනසිල්ල ඇතුලේ නිසා. ඒත් අපේ රාජ්‍ය පාලකයින් විසින් අපේ මිනිස්සුන්ගෙන් ඒ සැනසිල්ල උදුරාගෙන තිබෙන්නේ. එහෙම පසුබිමක තමයි සංවර්ධිත රාජ්‍යයක බලාපොරොත්තුව ගැන එදා කම්මැල්ලවීර මහත්මයා කිව්වේ.

ඔහු මෙන්න මෙහෙම කියනවා.
උපුටාගැනීම,

””සංවර්ධනය කියන්නේ වරාය,ගුවන් තොටුපොළවල්,අධිවේගී මාර්ග මේවා පමණක් නෙවෙයි. සංවර්ධනයේ ප්‍රධාන ප්‍රකාශනයක් තමයි මේ රටේ, භූමියේ ජීවත් වන ජනයාගේ ජන ජීවිතවල සංවර්ධනය, අපි කුඩා කාලයේ ඉස්කෝලේ යන කලේ අපිට ගොවියෙක් අදින්න කිව්වම අපි ඇන්දේ අමුඩයක් ගහගෙන ඉල ඇට ටිකක් මතුවෙලා පේන කෙසඟ මනුස්සයෙක් බිම කොටනවා. අවුරුදු 76කට පස්සේ ඒ වයසේ දරුවෙකුට ගොවියෙක් අදින්න කිව්වොත් එයා අදින්නෙත් ඒකමයි. එහෙම නැතුව කොට කලිසමක් ටී ෂර්ට් එකක් ඇදගෙන කුඹුරක ට්‍රැක්ටරයක් එලවාගෙන යන මනුස්සයෙක් අදිනවද? අදින්න පුළුවන්. ඒ අදින්නේ ගොවියෙක් නෙවෙයි ට්‍රැක්ටර් මාමා.මෙන්න අපේ සංවර්ධනය. ගොවියා තාමත් අපි එදා දැක්ක ගොවියමයි. එතකොට අම්මා අදින්න කිව්වොත් එදා වගේ දුම් ගගහා ලිපට පිඹින රෙද්දයි හැට්ටෙයි ඇදගත්තු ස්ත්‍රියක් අදින්නේ. මේ රටේ අදටත් බොහොමයක් ගම්බද රජයේ පාසල්වල ඉගෙන ගන්නා කුඩා දරුවන්ට අම්මා අදින්න කිව්වොත් මම එදා ඇදපු චිත්‍රයම තමයි අදත් අදින්නේ. සංවර්ධනය වෙලාද අපි. ඇයි අපිට බැරි අම්මා අදින්න කිවම වාහනයක් එලවාගෙන යන ස්ත්‍රියක් අදින්න. එහෙම අදින්න පුළුවන් දරුවොත් ඉන්නවා. ඒ ගැන සන්තෝසයි. නමුත් සමස්ත දරු පරපුරටම අම්මා අදින්න කිව්වොත් වහනයක් පැදගෙන යන ස්ත්‍රියක් අදින්න පුළුවන් සමාජයක් අපි බිහිකරගන්න ඕනේ…….”

ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵලය කොහොම එකක් වෙන්න ඕනෙද කියන කාරණය සියලු න්‍යායන් පැහැදිලි කිරීම වෙනුවට ඉතා සරළව ප්‍රායෝගිකව කම්මැල්වීර මහත්මයා කියල තියෙනවා. ඔහු පවසන දෘෂ්ටිවාදී වෙනස සිදුවෙන්න නම් සම්පත් බෙදී යාමේ විෂමතාව ඉවත් වෙන්න ඕනේ. නිසි ලෙස ආර්තික සංවර්ධන ප්‍රතිලාභ සමාජයට ගලාගෙන එන්න ඕනේ. අපි අදටත් විඩාවට පත්කර තිබෙන්නේ පෙළෙමින් ඉන්නේ මේ සම්පත් බෙදී යාමේ විෂමතාව නිසා. ප්‍රතිලාභ සමාජයට ගලාගෙන ඒම වෙනුවට සිද්ධ වුණේ සීමිත පිරිසකට එය සීමා වීම. එය වෙනස්වෙන්න නම් දේශපාලන සංස්කෘතියේ සිට වෙනස වෙන්න ඕනේ. දේශපාලන සංස්කෘතියත් එහෙම වෙනස් වෙනවා නම් මිනිස්සු ඒ වෙනස වැළඳ නොගෙන ඉන්නේ නැහැ. සංවර්ධිත රාජ්‍යයන්හි සුලබ දේ අපට තවමත් මැජික්. අන්න ඒ මැජික් එකක් වෙලා තියෙන ලොජික් එක වෙනස් කරගැනීමේ වගකීමෙන් වැඩි පංගුවත් තියෙන්නේ ජනතාව අතේ. ඉතින් මෙතැනදී අපි ජනතාව හැටියට හැමෝටම සවන් දීම වැදගත් කියලයි හිතන්නේ. ඒ සවන් දීම ඇතුලේ අපි යන්න ඕන මාවත අපිට විවර වෙන්න ගන්න කියලයි විශ්වාසය.

අවුරුදු ගණනාවක් නෙවෙයි දශක ගණනාවක් තිස්සේ හෙම්බත් වුණ මිනිස්සු වෙනුවට දෘෂ්ටිවාදයෙන් පොහොසත් මිනිස්සු අපිට ඕනේ. බඩෙන් බාගෙකට කන මිනිස්සු වෙනුවට හිත පිරෙන්න කන්න තියෙන මිනිස්සු අපිට ඕනේ. ගමද නගරයද දුප්පත්ද පොහොසත්ද කියන දේ නෙවෙයි හැමෝටම අධ්‍යාපන අයිතිය ආරක්ෂා වෙලා තියෙනවා කියන විශ්වාසය තියෙන මිනිස්සු අපට ඕනේ. එහෙම ගොඩනැගුණු සමාජයක දරුවෝ කම්මල්විර මහත්මයා කියන චිත්‍රය අනාගතේ දවසක අදිවි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan